HNB ෆිනෑන්ස් නිවහන ණය ක්‍රමය පිළිබඳව දැන ගන්නට ලැබුණේ මගේ වෙලාවට…

මාළඹේ ඇලපාර දිගේ මීටර් කිහිපයක් ඉදිරියට ගමන් කරන්නෙකුට සුන්දර රුක් ගොමුවක් මැද පිහිටි නවාතැන් පොළක් හමුවෙයි. පවුලේ අයවයන් සමග ආහාර වේලක් රස විඳින්නට මෙන්ම සිහින් මධුරස්වර අතර වෙලී නිස්කලංක සැඳෑ අසිරියක් විඳින්නට කැමැත්තෝද මේ නවාතැන් පොළ වෙත ගාල් වෙන්නට දක්වන්නේ මහත් වූ රුචියකි.ඔමීකා රෙස්ටුරන්ට් නම් වූ අපූරු නවාතැන් පොළ පවත්වාගෙන යනු ලබන්නේ අරුණි ජේම්ස් සහ ටෝනි ජේම්ස් යුවළ විසිනි. ඔවුන්ගේ පුතුගෙන්ද මේ සඳහා ලැබෙන්නේ අනගි සහයකි.

ජේම්ස් යුවල HNB ෆයිනෑන්ස් හි මූල්‍ය සහය පතන්නේ රෙස්ටුරන්ට් එකට නව ගොඩනැගිලි කිහිපයක් තනන්නටය. මේ ඒ පිළිබඳව ඔවුන් අප හා කී කතාවය.

මම හොටෙල් ක්ෂේත්‍රයේ අවුරුදූ ගණනක් වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් එක්ක තමයි මේ රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ. ඒ 2013 දි කබානාස් ක්‍රමයට අපි මේක පටන් අරන් විවිධ විශේෂාංග එකතු කරලා වෙනමම විදිහේ අත්දැකීමක් අපේ ගනුදෙනු කරුවන්ට ලබාදෙන්න තමයි කටයුතු කළේ. ව්‍යාපාරය කරගෙන යද්දි මේක තව දූරටත් වර්ධනය කරගන්න අපිට අවශ්‍ය වුණා. ඒ වෙලාවේ අපිට ණය මුදලක් ඉතා පහසුවෙන් සහ ඉක්මණින් ලබාගත හැකි තැනක් සොයමිනුයි හිටියේ. HNB ෆිනෑන්ස් හි ‘නිවහන’ ණය ක්‍රමය පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ ඒ අවස්ථාවෙදි. අපි හිතුවටත් වඩා පහසුවෙන් එම ණය මුදල අපිට ලබාදෙන්න නගර ශාඛාවේ කළමනාකාරතුමා ඇතුළු නිළධාරීන් කටයුතු කළා. දැන් අපිට මේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය නව ගොඩනැගිලි වල වැඩ කටයුතු අරඹන්න පුළුවන්.

ටෝනි ජේම්ස්
ඔමීකා රෙස්ටුරන්ට්
මාළඹේ.