සාර්ථකත්වයේ කුළුණ

එදා ගත්තු හිතුවක්කාර තීරණය අපිට ජය මාවත විවර කළා...

ආයතනයක සේවකයකු ලෙස වැඩ කිරීමෙන් තම ජීවිතයට බලාපොරොත්තු වන ඉලක්කය සපුරාලිය නොහැකි බව සිතන ලක්ෂිකා එතෙක් තමන් සේවය කරමින් සිටි ඇඟලුම් නිශ්පාදන ආයතනයෙන් ඉල්ලා අස්වන්නේ විවාහ දිවියට ඇතුල් වී වසරකින් පමණය. කෙනෙකු අවධානමක් ගැනීමට පෙර දෙතුන් වරක් නැවත නැවතත් සිතා බැලීමට පෙළඹෙන අවධියක ලක්ෂිකා තම සැමියා සමග ව්‍යාපාරයකට අත ගැසුවේ තිර අදිටනකින් සහ තම ආත්ම විශ්වාසය පිළිබඳ සියයට දෙසීයක විශ්වාසයකින් හදවත පුරවාගෙනය.

“මම ලංකාවේ ප්‍රමුඛතම කමිස නිශ්පාදන ආයතනයක සහකාර කළමනාකරුවකු ලෙස සේවයේ යෙදි සිටින අතර තමයි එයින් ඉවත් වෙලා මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහසට ආවේ. මම මගේ මහත්තයත් එක්ක එකතු වෙලා ‘රොන්සෙල් ගාමන්ට්’ නමින් මේ ව්‍යාපාරය පටන් ගත්තේ 2016 ජූලි 21 දා. අවුරුදූ 14 වැඩ කරපු තැනින් අයින් වෙලා අලුතින් ව්‍යාපාරයක් කරන්න හිතද්දී හුගක් දෙනෙක් කිව්වා තව පාරක් හිතන්න කියලා. ඒත් අපි දෙන්නට අපි පිළිබඳව සහ අපේ හැකියාවන් ගැන විශ්වාසයක් තිබුණු නිසා එක හිතකින් ගත්තු තීරණේම ඉන්න පුළුවන් වුණා. කොහොම වුණත් සේවකයො දෙන්නෙක්ගෙන් අපි එදා පටන් ගත්තු මේ ව්‍යාපාරයේ අද වෙද්දී සේවකයන් දොළොස් දෙනෙකුට වඩා සේවය කරනවා. ව්‍යාපාරය කරගෙන යද්දී අළුතින් මැෂින් ගන්න අපිට ණය මුදලක් අවශ්‍ය වෙලාවක අපි ඒ සඳහා තෝරා ගත්තේ HNB ෆිනෑන්ස් සමාගම. එහි අභිලාෂ ණය ක්‍රමය අපිටම සරිලන ණය ක්‍රමයක්. HNB ෆිනෑන්ස් අභිලාෂ ණය ක්‍රමයෙන් මම ලක්ෂ හයක ණය මුදලක් තමයි මුලින්ම ගත්තේ. ඉතා කෙටි කාලයකින් ණය මුදල ලබා ගත හැකි වීමත් අපිට පහසු වෙලාවට අපි ලගටම ඇවිත් ණය වාරික අය කර ගැනීමත් නිසා ණය ගැනීම වගේම ආපසු ගෙවීමත් අපට විශාල පහසුවක් වුණා.

කේ.ටී. ලක්ෂිකා මාධවී
රොන්සෙල් ගාමන්ට්
මහරගම.