HNB Finance කියන්නෙ අපි ගැන හිතන අපේම තැනක්

මුල් ඇඳුම් නිශ්පාදනය යනු කන්ද උඩරටට ආවේණික වූ කර්මාන්තයක් කීවොත් එය වඩාත් නිවැරදිය. අද වනවිට පහතරට ඇතැම් තැනකද මුල් ඇදුම් නිශ්පාදනය සිදුවුවද එහි මුල් රැඳී තිබෙන්නේ උඩරට පාරම්පරිකව එම රැකියාවෙහි නියුතු වූවන් අතය. නුවර හිඳගල ප‍්‍රදේශයේ දිවි ගෙවන පී.වී.එස්. අයිරාංගනී මහත්මියද එවන් පාරම්පරික මුල් ඇඳුම් නිමැවුම් පරපුරක වර්තමානය නියෝජනය කරන්නියකි.

“අපේ සීයලා මුත්තලා කාලේ ඉඳන් අපේ අය කළේ මේ රැකියාව. අපේ අප්පච්චිගෙන් පස්සේ අපේ අයියත් මමත් මේකම අපේ වෘත්තිය ලෙස පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් සම්පූර්ණ නිළමේ ඇදුමක් කරන්න සතියක් විතර ගත වෙනවා. අපි මුල් ඇඳුම් අළෙවිිය වගේම කුලියට දීමත් කරනවා.සම්පූර්ණ නිළමේ ඇඳුමක් රු 75,000 කට වගේ මිළකට අළෙවි කරන්න පුළුවන්. මම ඇඳුම් දාන සාප්පු කිහිපයක්ම තියෙනවා. HNB FINANCE සමාගමට මම සම්බන්ධ වෙන්නෙ මීට වසර කීපයකට කලින්. ඒ සම්බන්ධ වෙලා මුලින්ම රු 50,000 ක ණය මුදලක් ගත්තා. ඉන් පස්සේ තව රු.150,000 ණයක් ගත්තා. එදා මුල්ම ණය මුදල ගන්න HNB FINANCE එකට ගිය වෙලේ සිට මේ දක්වා මට ඒ ආයතනය සහ එහි නිළධාරී මහත්තුරුන් සළකපු විිදහ ගැන ඇතිවූ පැහැදීම නිසාම එදා ඉඳලා අද වෙනතුරුත් මගේ ව්‍යාපාරික ණය අවශ්‍යතාවකදී මට වෙනත් මූල්‍ය ආයතනයක් සිහියට එන්නෙ නෑ.

මේකත් විශේෂයෙන් කියන්න ඕන, මගේ රත්තරන් බඩු වගයක් සින්න වෙන්න ගිය මොහොතේ ඒ බව HNB FINANCE රන් ණය අංශයේ සර්ලට කිව්වහම ඒ අය මුදල් ගෙවලා මගේ රත්තරන් බඩු බේරගෙන මුදලකුත් මගේ අතට දුන්නා.මේ වගේ ව්‍යාපාරික ආයතනයක් විදිහට නෙවෙයි අපි ගැන හිතන අපේම තැනක් විදිහටයි HNB FINANCE සමාගම ගැන මට හිතෙන්නේ ”

පී.වී.එස්. අයිරාංගනී
හිඳගල.