ඉතිරි කරන ගමන් ව්‍යාපාරයට අවශ්‍ය මුදලූත් ලබාගත හැකිවීමේ වාසිය මම අත්විඳිනවා

ඔහු නමින් එල්.ටී.ජී. ඇන්තනී. ඇන්තනී වීල් එලයිමන්ට් ෂොප් එකක රැකියාවට බැදුණේ මීට වසර ගණනාවකට ඉස්සර. ඒ තමයි ඔහුගේ පළමු රැකියාව. වසර කිහිපයක් එතැන රැකියාව කළ මේ තරුණයා ඉනික්බිත්තෙන් කොරියාවේ රැකිියාවක් සඳහා පිටත් වෙන්නේ හැමදාමත් අනුන්ගේ යටතේ රැකියාවක් කිරීමෙන් තමන්ට වගතුවක් නොවන බව වටහා ගෙන. කොරියාවේ රැකියාව කිරීමෙන් අනතුරුව යළි ලංකාවට එන ඇන්තනී මෙතෙක් තමන්ගේ හිතේ සිහිනයක්ව තිබූ තමන්ගේම ව්‍යාපාරයක් පිළිබඳ අදහස යථාර්තයක් කරගන්න උත්සාහ කරන්නේ පුංචියට වීල් එලයිමන්ට් ෂොප් එකක් මහවත්ත ප‍්‍රදේශයේ ආරම්භ කරමින්. ඒ පිළිබඳව ඔහු අප සමග පැවසුවේ මෙවැන්නක්.

මම ව්‍යාපාරය පටන් ගත්ත කාලෙම HNB FINANCE නිළධාරී මහත්තයෙක් මාව හමුවෙන්න ආවා. ඒ HNB FINANCE එකේ ඉතුරුම් ගිණුමක් විවෘත කරන්න. ඒ ඉතුරුම් ගිණුම හරහා මට ලැබෙන වාසි නිසාම එදා මම HNB FINANCE ඉතුරුම් ගිණුමක් විවෘත කළා. ගිණුමට සල්ලි දාන්න මට රස්තියාදු වෙන්න ඕන වුණේ නෑ. HNB FINANCE එකේ නිළධාරී මහත්තයෙක් දිනපතා හවසට මගේ ෂොප් එකට ඇවිත් තැන්පතු මුදල් ලබාගත්තා.

දවසේ ආදායමින් ගානක් මම ඉතුරුම් සඳහා වෙන්කළ නිසා බොහොම ඉක්මණින් සැලකිය යුතු මුදලක් ඉතුරුකර ගන්න පුළුවන් වුණා. ස්වශක්ති ඉතුරුම හරහා ඇප රහිතව ණය මුදලක් ගතහැකි වීම නිසා මගේ ෂොප් එකේ කටයුතුවලට අවශ්‍ය ණය මුදල් ඉතා පහසුවෙන් අවශ්‍ය වෙලාවට ගන්න මට පුළුවන් වුණා.ඒ අනුව මුලින්ම ලක්ෂයේ ණය මුදලකුත් ඉන් පස්සේ ලක්ෂ හතරේ ණය මුදල් අවස්ථා තුනකදිත් ලබාගන්න බොහොම පහසුවෙන් මට පුළුවන් වුණා. ණය මුදල් ගෙවද්දිත් ආයතනයේ නිළධාරී මහත්තයෙක් ෂොප් එකටම ඇවිල්ලා එම ණය මුදල් ලබාගන්නා නිසා මගේ වැඩ පාඩුකර නොගෙන ඇගටත් නොදැනීම ඒ ණය වාරික ගෙවාදැමීමේ වාසිය මට ලැබෙනවා.

එල්.ටී.ජී. ඇන්තනී
සෙන්ට් ඇන්තනීස් වීල් එලයිමන්ට් සෙන්ටර්
නුගතලාව