කුළු නිෂ්පාදනය වගේ සාම්ප්‍රදායික වෘත්තීන් රැකිලා තියෙන්නේ HNBFINANCE සමාගම අපිට තවමත් උදව් කරන නිසා….

මහනුවර හන්දෙස්ස කියන්නේ තවමත් ගැමි ජීවන රටාවට හුරු වෙච්ච සාම්ප්‍රදායික ජීවිත ගත කරන මිනිසුන් වාසය කරන ගමක්….එයිනුත් විවිධ පාරම්පරික වෘත්තීන් සිය ජීවන රටාව බවට පත්කරගත් උදවිය මේ ගමේ හිඟ නෑ .වසන්තා කුමාරි කියන්නෙත් එවන් පාරම්පරික වෘත්තියකට හිමිකම් කියන පවුලක සාමාජිකාවක්…

ගෙදර මුළුතැන් ගෙයින් අද වන විට ක්‍රමයෙන් බැහැරට යමින් පවතින කුල්ල වසන්තා ලා ගේ ජීවිතවලට අදටත් ආර්ථික වාරුවක් සපයන මෙවලමක් වෙලා.. මේ ඇය පවසන ඇගේ කතාව….

‘‘….මම විවාහ වෙලා මහත්තයාගේ ගමට පදිංචියට ඇවිල්ලා දැන් අවුරුදු 30කට කිට්ටුයි.මේ අය පාරම්පරිකව කුළු නිෂ්පාදනය කරන පවුලක්. බැඳලා ආවට පස්සෙ මමත් ඔවුන්ගේ වෘත්තියත් එක්ක එකතු වුනා..දැන් මගෙත් රස්සාව මේකම තමයි…කුළු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න අපිට ටිකක් දුර යන්න වෙනවා. විශේෂයෙන් උණ ලී වගේ දේවල්..ඒ සඳහා පෝමිට් ගන්න, වාහන කුලී ගෙවන්න, තව අත් උදව් කාරයින්ට දෙන්න යම් මූලික මුදලක් අවශ්‍ය වෙනවා..මෙහෙම කපල ගේන උණ ලී පලලා, පටි වලට ඉරලා අව්වේ දාලා වේලලා පදම් කරගන්න ඕන..ඒ මූලික කටයුතු වලින් පස්සෙ තමයි කුල්ල වියන්න පටන් ගන්නේ මේක වටේට ලී බඳින්න ගෑනු අපිට බෑ ඒකට පිරිමි අය ඕනේ…මේ විදිහට සම්පූර්ණ කුල්ලක් හදලා ඉවර කරන්න දවස් තුන හතරක් යනවා..ඒ සම්පූර්ණ කාලය තුළ අපිට කුළු විස්සක් විසිපහක් වගේ හදන්න පුළුවන්…

කුළු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න, කුලී කාරයින්ට ගෙවන්න වගේ දේවල්වලට තමයි අපිට මුදල් අවශ්‍ය වෙන්නේ දැනට අවුරුදු දහයක විතර ඉඳන් අපේ නිෂ්පාදන අවශ්‍යතා සඳහා ණය මුදල් ගන්නේ HNB FINANCE සමාගමෙන්…අපේ අවශ්‍යතාවයට අනුව අපිට ගැලපෙන විදිහට කඩිනමින් අවශ්‍ය ණය මුදලක් ගන්න එදත් අදත් අපිට එක විදියටම පිහිට වෙන්නේ HNBFINANCE සමාගම ..ඒ ගන්න ණය මුදලින් හදන කුළු අලෙවි කිරීම සඳහා තරමක් දුර පළාත්වලට යන්න සිද්ද වෙනවා විශේෂයෙන් හිඟුරක්ගොඩ, පොලොන්නරුව, අම්පාර, වගේ ඈත පැති වලට..මොකද කොළඹ වගේ නාගරික ප්‍රදේශවල අද කුල්ලට හිමි වෙලා තියෙන්නේ නරක කලදසාවක්. ඒත් අපි තවමත් මේ රැකියාවේ නිරත වෙලා ඉන්නවා..‘‘

වසන්තා පවසන පරිදි කුළු නිෂ්පාදනයට අද රට තුළ උද්ගතව තියෙන්නේ තරමක් අවිනිශ්චිත වෙළෙඳපොළ තත්ත්වයක් . එහෙත් ඔවුන් තවමත් සිය පාරම්පරික ජීවන වෘත්තිය අත හැරීමට සූදානම් නැහැ ..තත්ත්වය එසේ වුවද මෙම වෘත්තිකයින්ගේ ජීවන තත්වය නගා සිටුවන්නටත් ඔවුන්ට සිය නිෂ්පාදන කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ දැනුම ලබා දීමටත් HNBFINANCE සමාගම අද වගේම හෙටත් ඔවුනට ශක්තියක්ම සපයනු ඇති.

වසන්තා කුමාරි
හංදෙස්ස
මහනුවර