මගේ ව්‍යාපාරයට අඩිතාලම වැටුණේ දිරිය ණය ක්‍රමය හරහායි

මහත්තයා මුලින් වැඩ කළේ ටෙලිකොම් එකේ. ඒ ඉන්න ගමන් තමයි මේ ව්‍යාපාරය ගැන අදහස මුලින්ම ආවේ.මොකද මහත්තයා වැඩ කරපු ජා ඇල පැත්තේ උත්සව භාන්ඩ සපයන ආයතන ඉතා අඩුවෙනුයි තිබුණේ.ඒ නිසා ඒ වගේ ව්‍යාපාරයක් කරමු කියන එකගතාවට අපි ආවා. මම HNB ෆිනෑන්ස් සමාගමේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය වුණු දිරිය ණය ක්‍රමය යටතේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා රු.25000 ණය මුදලක් ලබා ගත්තා. ඒකෙන් ව්‍යාපාරය සඳහා අවශ්‍ය ප්ලාස්ටික් පුටු මේස ටිකක් ගත්තා.ඉන් පස්සේ ගත්තු ණය මුදල් ගෙවමින් ඊළගට ඊට වැඩි ණය මුදල් ලබා ගනිමින් ව්‍යාපාරය ක්‍රමයෙන් වැඩි දියුණු කර ගත්තා. අද වෙනකොට අප සතුව උත්සව සඳහා අවශ්‍ය සියළුම භාණ්ඩ අඩුවක් නැතුව තියෙනවා. HNB ෆිනෑන්ස් සමාගමෙන් අපේ ව්‍යාපාරය සදහා ලැබුණු සහාය මෙතකැයි කියන්න බෑ.

ජේ. ඒ. ඩී. දේදූණු කුමාරි
තලවතුගොඩ