ඕනෙම ව්‍යාපාරයකට බය නැතිව අතගහන්න ඉතින් අපිට පුළුවන්

කෑගල්ල කොළඹ මාර්ගයේ රන්වල පසුකරන විට ඇගේ කුඩා සිල්ලර බඩු කඩය හමුවෙයි. කුඩා වුවත් මනා පෙනුමකින් යුතුව පවත්වාගෙන යන ඇගේ සිල්ලර බඩු කඩයට අප ගොඩවන විටත් ඇය සිටියේ සිය ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා පිරිමසමින්ය.මද අස්වැසිල්ලක් ලද ඇසිල්ලක ඇය අප හා දොඩමළු වූයේ මෙලෙසිනි.

“මම ඩබ්ලිව්.මල්ලිකා. අවුරුදු කීපයකට උඩදි මම මෙතැන පොඩි තේ කඩයක් පටන් ගත්තා බොහෝම සුළුවට. ඒක ටික කාලයක් කරගෙන යද්දි මට ඕන වුණා ව්‍යාපාරය තව ටිකක් වර්ධනය කර ගන්න ඒකට අවස්ථාවක් සොයමින් ඉන්න අතරේ තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ. මම කෑගල්ල ශාඛාවේ ගලිගමුව බිසෝවෙල මධ්‍යස්ථානයට බැඳිලා ඒකේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රමය යටතේ මම මුල්ම ණය මුදල ලබා ගත්තේ මගේ තේ කඩේ සිල්ලර කඩයක් බවට පත් කර ගන්න. අද වෙනකොට මගේ සිල්ලර කඩේ හොඳ මට්ටමකින් පවත්වාගෙන යන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මට අවශ්‍ය වෙලාවට අපහසුවකින් තොරව ඕන කරන ණය මුදල් ලබා ගැනීමේ හැකියාව මට ලැබුණු නිසයි. දැන් මගේ ඉදිරි බලාපොරොත්තුව HNB FINANCE සමාගමෙන් නිවාස ණයක් අරන් මේ කඩේටම අල්ලලා පොඩි හෝටලයක් පටන් ගන්නයි.ජීවිතේ දියුණුවට මග පෙන්වන මූල්‍ය සහකරුවෙක් අපිට ඉන්නවා කියන හැගීමත් එක්ක ඕනෙම දෙයකට බය නැතිව අතගහන්න ඉතින් අපිට පුළුවන් ”

ඩබ්. මල්ලිකා
කෑගල්ල.