දිරියෙන් දිනූ ජීවිත

අළුත් ව්‍යාපාරකයින්ට නොවරදින නියම පාර පෙන්වන හොදම තැන….HNB FINANCE

පන්නිපිටිය කළල්ගොඩ පාරේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා ඉදිරියට ගමන්කරද්දී කවරකුගේවුව කුසගිනි අවුළුවන සේ දැනෙන ආහාර පිසින සුවද කොතැනක පිසුනද එහි පිසෙන ආහාරවල රසය පිළිබදව යළිත් සොයාබැලීමේ කුතුහලය අවුස්සවන්නේ නිතැතිනි.එම කුතුහලය ඔස්සේ කටින් කට ගිය එම රස පණිවිඩය අද වන විට ඔවුන්ගේ ව්‍යාපාරයට සුබ කලදවසක් උදාකර ඇතැයි අපට සිතෙන්නේ එම ආහාර සුවදේ උත්පත්ති ස්ථානය වූ සොමින්රා කේටර්ස් වෙත දිනපතා ලැබෙන ආහාර ඇනවුම් ප්‍රමාණය දෙස බලන විටය.
ඒ ආහාර සුවදේ ඉව ඔස්සේ සොමින්රා කේටර්ස් වෙත අප ගොඩ වැදුණු ඒ දවසද ඔවුනට කතාබහකට ඉස්පාසුවක් නොමැති අවිවේකී දවසක් වූයේ එදිනම පස්වරුවට යෙදී තිබුණු උත්සවයක් වෙනුවෙන් අවශ්‍ය කළමනා සකසන්නට ඔවුන් යුහුසුළුව සිටි හෙයිනි. අවිවේකී බව අතරේම අප සමග සිය ව්‍යාපාරයේ වගවිත්ති කියන්නට මුලින්ම එක් වූයේ කමල් දේශප්‍රිය මහතාය.

මීට අවුරුදු හත අටකට කලින් මම කේටරින් සර්විස් එකක වැඩ කළා.කාලයක් එතැන වැඩ කරගෙන යද්දි මට තේරුණා දිගටම මෙතැන හිටියොත් මට ඉන්න තැනින් එහාට දියුණුවක් ගැන හිතන්නවත් බැරිබව. මම නෝනත් එක්කත් කතා කළා අපි අපේම කේටර්න් සර්විස් එකක් පොඩියට පටන් ගමු කියලා. ඒත් අපි වගේ පුංචි මිනිස්සුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ කවුද…. බැංකුවලින් ණයක් ඉල්ලන්න ගියාම ඒ අය ඉල්ලන දේවල් අපිට දෙන්න පුළුවන් කමක් නෑ. මේ අතරේ තමයි අපේ නෝනට ආරංචි වුනේ HNB FINANCE සමාගමේ ‘‘දිරිය‘‘ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය“ ගැන.

කමල් මහතා ගේ සිතතුළ උපන් ව්‍යාපාරය පිළිබද අදහස සැබෑවක් බවට පත්කිරීමේ පළමු අඩිය තැබුවේ ඇයය. තුෂාරි පියෝපෝල්, හෙවත් කමල්ගේ ප්‍රිය බිරිද එතැන් සිට ව්‍යාපාරයේ ඇරඹුම් කතාව කියන්නට අප සමග එක් වූයේ මෙසේය.මම කලින් ඉදලා අහලා තිබුණා HNB FINANCE සමාගම කුඩා ව්‍යාපාර වලට ණය දෙනවා කියලා. මම 2014 දි වගේ HNB FINANCE එකට ගිහින් අපේ ව්‍යාපාරය පිළිබද අදහස සර්ලට කියලා රු. 60,000 ණය මුදලක් ඉල්ලුවා.සර්ලා අපේ ගෙදරට ඇවිත් බලලා 40,000 ණය මුදලක් අනුමත කළා. ව්‍යාපාරය පටන් ගනිද්දි අපේම කියලා තාච්චියක්වත් අපිට තිබුණේ නෑ. කේටරින් එකට ඕන කරන මූලික දේවල් ණය මුදලින් අරන් සමහරක් හැලි වලං අහල පහළින් ඉල්ලගෙන තමයි වැඩේ පටන් ගත්තෙ.මුලින් අපේ කේටරින් සර්විස් එක ගැන කවුරුවත් දන්නෙ නැති නිසා මහත්තයාගෙත් මගෙත් දන්න අදුනන අයගේ මාර්ගයෙන් තමයි ඕඩර්ස් ගත්තේ
මුල් ණය මුදල අරන් ඒක ඉක්මණින් ගෙවලා දෙවෙනි ණය මුදල ලක්ෂයක් ගත්තා.ගන්න සෑම ණය මුදලක්ම ව්‍යාපාරයටම යොදවපු නිසා බොහොම ඉක්මණින් අපිට ඉදිරියට යන්න පුළුවන් වුණා.ලක්ෂ එකහමාර, ලක්ෂ තුන ආදි වශයෙන්. HNB FINANCE ආයතනයේ සර්ලා ණය මුදල දීලා නිකං හිටියේ නෑ. අපි ඒ ණය මුදල් ව්‍යාපාරයට යොදවන ආකාරය ගැන හොයා බැලුවා. එදිනෙදා වියදම් පොතක සටහන් කරන්න, අපිට තේරෙන විදිහට ව්‍යාපාරයේ ගිණුම් හදාගන්න…. මේ වගේ ව්‍යාපාරයට අවශ්‍ය හැම දෙයක් ගැනම උපදෙස් දුන්නා.
ව්‍යාපාරය අපි කරගෙන යන විදිහ බලලා අපිට ණය මුදල පාස් කරන්න ආව සර් එදා අපිට කිව්ව කතාවක් මට තවම මතකයි ..ඒ, ඔයාලා මේ කරගෙන යන විදිහට ගියොත් තව අවුරුදු පහකින් ඉන්නෙ කොහෙද කියලා හිතා ගන්න පුළුවන් කියලයි . HNB FINANCE එකේ සර් එදා කිව්ව දේ අද හැබෑවෙලා. අද අපි ළග තව තුන් දෙනෙකුට රැකියා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.ඉස්සර කෑම ඕඩර් ගෙනිච්චේ හයර් එකට ගත්තු වාහනවලින්. අද අපිට ඒ වැඩවලට අපේම ලොරියක් තියෙනවා ඒ ලොරියත් ගත්තේ HNB FINANCE සමාගමෙන් ලීසිං එකක් දාලා.මේ වෙද්දි අපි ලක්ෂ අටේ ලෝන් එක දාලා තියෙන්න‍ෙ.

මම ඕනෑම තැනක කියන දෙයක් තමයි අපි වගේ අළුත් ව්‍යාපාරකයින්ට නොවරදින නියම පාර පෙන්වන හොදම තැන තමයි HNB FINANCE කියන්නේ කියලා.

තුෂාරි පියෝපොල්
සොමින්රා කේටරින් සර්විස්