දිරියෙන් දිනූ ජීවිත

ව්‍යාපාරයක් ඇරඹීමට ගත් තීරණයත් HNB FINANCE හි සහයත් මගේ ජීවිතය ජයග්‍රාහී මාවතට යොමුකළා…

භාවිතයෙන් ඉවතලූ ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණයට භාජනය කොට යළි භාණ්ඩ නිෂ්පාදනය කිරීම වර්තමානයේ දකින්නට ලැබෙන තවත් එක් ප්‍රමුඛ ව්‍යාපාරයක් …අප සතු සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම මේ ක්‍රියාවලිය තුළින් සිදුවෙයි . මෙසේ යළි ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන අපූරු ව්‍යවසායකයෙකු පසුගියදා අපට හමුවුණා.

ඔහු නමින් රංජිත් අමරතුංග .ආයතනය තුළ කාර්යබහුල මොහොතක එම කාර්යබහුල බව මොහොතකට අමතක කරමින් සිය ව්‍යාපාරය පිළිබඳව අප සමග පවසන්නට ඉතා සතුටින් ඉදිරිපත් වූ අමරතුංග මහතාගේ වචනයි මේ …

‘‘මම මේ ක්ෂේත්‍රයට එකතුවෙලා වසර විස්සක් විතර වෙනවා 2000 දි වගේ තමයි මම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වුණේ …එතැන විවිධ අංශවල වැඩ කටයුතු මට කරන්න පැවරිලා තිබුණා.මේ විදිහට වසර ගණනාවක් පුරා වැඩ කරන අතරේ මම රැකියාව කරගෙන හිටිය ආයතනයේ හිමිකරු ඒක වෙන කට්ටියකට බාරදීලා අයින් වුනා …අලුතින් කර්මාන්ත ශාලාව බාරගත්තු උදවිය කලින් අය වගේ සේවකයින්ට කාරුණිකව සැලකුවේ නෑ. මේ නිසා මම තීරණය කළා එතැනින් අයින් වෙන්න ..මාත් එක්ක එතැන වැඩ කරපු තව කීපදෙනෙක්ම මාත් එක්ක අයින් වෙන්න තීරණය කළා ..මම මේ වෙනකොට ක්ෂේත්‍රයේ සෑම ඉසව්වක් ගැනම හොඳින් දැනගෙන අධ්‍යයනය කරලයි තිබුණේ මම අයින් වෙනවා කියලා තීරණය කළාම මාත් එක්ක අයින් වෙන්න තවත් පිරිසක් බොහොම කැමැත්තෙන් එකතු වුණා

මං මේ ව්‍යාපාරය කරන්න මුල පුරද්දී මගේ අතේ රුපියල් ලක්ෂ පහක් හයක් වගේ මුදලක් තමයි තිබුණේ ..මම ඒකෙන් පොඩි මැෂින් එකක් ගත්තා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ට අදාළව .ඉන්පස්සෙ මගේ දැනුම සහ අත්දැකීම් ඔස්සේ අපි වැඩ පටන් ගත්තා …වැරදුණු තැන් නොතිබුණාම නෙවෙයි ..
ඒත් වුණු වැරැද්ද නැවත නොවෙන්නට අපි හැමතිස්සෙම වගබලාගත්තා ..අපි ක්‍රමයෙන් අපේ මැෂින් ප්‍රමාණය වැඩි කළා. ඒ සඳහා මම විවිධ මූල්‍ය ආයතන වලින් ණය ගත්තා එහෙම කාලයක් කරගෙන යද්දි තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ..ඒ ගමන මම ඒ වෙනකොට මට අවශ්‍ය වෙලා තිබුණු රුපියල් ලක්ෂ 30 ක ණය මුදලක් එම සමාගමෙන් ඉල්ලා සිටියා. අදාල ලියකියවිලි ඉදිරිපත් කළාට පස්සේ මගේ ණය මුදල ලබාදෙන්නට ඔවුන්ට වැඩි කාලයක් ගියෙ නෑ …

අනවශ්‍ය ලියකියවිලි රස්තියාදු වීම් වලින් තොරව මට ගැළපෙන විදිහට ණය මුදල ලබා ගන්නට හැකි වීම ගැන මගේ හිතේ තිබුණේ පැහැදීමක් ..ඉන්පස්සෙ මම තීරණය කළා මගේ මූල්‍ය කටයුතු හැමදාමත් HNB FINANCE සමාගමත් එක්ක කරන්න ඕනේ කියලා ඉන්පස්සෙ මම මිලියන 10 ණය මුදල ගනිද්දිත් මම HNB FINANCE සමාගමටම ගියේ ඒ විශ්වාසය නිසයි’

අද වෙද්දි මා ලඟ සේවකයෝ තිස් පස් දෙනෙක් විතර සේවය කරනවා. ඒ වගේම මගේ ෆැක්ට්‍රි දෙකක් තව තියෙනවා …මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට HNB FINANCE සමාගමෙන් ලැබුණු උදව්ව මම බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා විශේෂයෙන් ජා-ඇල ශාඛාව සහ එහි කළමනාකාරතුමා මේ මොහොතේදී මා සිහිපත් කළ යුතුමයි.

රංජිත් අමරතුංග
KVR ප්ලාස්ටික්
No – C 8,
කර්මාන්ත පුරය,
ඒකල.