දිරියෙන් දිනූ ජීවිත

වසර ගණනාවක සිට අපේ ව්‍යාපාරය ට ශක්තියක් වුණු මූල්‍ය සහකරුවා …HNB FINANCE …

පිත්තල භාණ්ඩ නිෂ්පාදනයට නම් දරාපු ප්‍රදේශයක් විදිහට මහනුවර පිළිමතලාවට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක් …විශේෂයෙන් පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සිය වෘත්තීය ජීවිතය කරගත්තවුන් මේ ප්‍රදේශයේ අදත් දුලබ දසුනක් නොවේ …
කාන්ති ජයමංගල යනු පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ නියැලෙන තවත් එබඳු සූර ව්‍යාපාරිකයකු ගේ දයාබර භාර්යාව ….සිය ස්වාමියාගේ වෘත්තීය ජීවිතයට නිරන්තරයෙන් සවියක් වෙමින් ඔහු පසුපස සිටින ඕ තම ස්වාමි පුරුෂයාගේ වෘත්තියට තම දායකත්වය ලබා දුන් අයුරු පිළිබඳව අප සමග පැවසුවේ මෙහෙමයි ….

මගේ මහත්තයා පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ යෙදෙන පරපුරකින් පැවත එන කෙනෙක් .මම විවාහ වෙලා ඔහුගේ ගෙදරට ආවට පස්සෙ මමත් ඒ වෘත්තියට මට හැකි අයුරින් දායක වුණා.

පිත්තල කර්මාන්තයේ නියැළෙන අයට විශේෂයෙන් එහි නිෂ්පාදන කාර්යයේ දී මූලික ප්‍රාග්ධනය ඉතා වැදගත් . මොකද අමුද්‍රව්‍ය සඳහා තරමක් විශාල මුදලක් වැය වෙනවා …එතනදි අපිට අතේ මුදල් අඩුපාඩු වුණු වෙලාවට කොතනකින් හෝ යම් මුදලක් හොයාගන්න වෙන අවස්ථා නැත්තෙ නෑ ..ඒ වගේ වෙලාවෙදි කවදත් මම විශ්වාසයෙන් ගනුදෙනු කරන්න තෝර ගත්තු තැනක් විදියට HNB FINANCE සමාගමට හිමි වෙන්නේ විශේෂ තැනක් …
මීට වයර කීපයකට පෙර මහත්තයාගේ ව්‍යාපාරයට මුදල් උවමනාව වුණු අවස්ථාවක මම ණය මුදලක් ගත හැකි තැන් ගණනාවකටම ගියා .ඒත් ඒ එක තැනකින්වත් මං බලාපොරොත්තු වුනු විදිහෙ සහනයක් ලැබුණේ නෑ .මගෙ යෙහෙළියකගේ දැනුවත් කිරීම මත මුලින්ම HNB FINANCE සමාගම වෙත ගිය ඒ දවස මට අද වගේ මතකයි.මගේ අවශ්‍යතාවය ගැන කිව්වහම ඔවුන් මගේ ව්‍යාපාරය පිළිබඳව සොයා බලලා ඉතා ඉක්මනින් මට අවශ්‍ය ණය මුදල ලබා දීමට කටයුතු කළා …මම HNB FINANCE සමාගමෙන් මුලින්ම ගත්තෙ රු. 60,000 මුදලක් .

ඉන්පස්සෙ වසර ගණනාවක් පුරා මට ගනුදෙනුවක් අවශ්‍ය වූ සෑම මොහොතකම මහත්තයත් මමත් හිතේ විශ්වාසයෙන් යන්නේ HNB FINANCE සමාගමට ..අපිට ගනුදෙනු සඳහා විතරක් නෙවෙයි අපිට අවශ්‍ය ව්‍යාපාර දැනුම …මූල්‍ය විනය පිළිබඳව අදාළ දැනුවත් කිරීම …ආයතනයේ පුහුණු අංශයේ නිලධාරීන් මගින් ලබාදෙන්නත් HNB FINANCE සමාගම කටයුතු කරනවා ..2019 වසරේ ලංකාවේ ප්‍රධානම මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කාන්තාවන් ඉලක්ක කරගෙන කොළඹ දී පවත්වන ලද ව්‍යසායකත්ව වැඩමුළුවටත් මට සහභාගි වෙන්න අවස්ථාවක් HNB FINANCE සමාගම නිසා ලැබුණා . අද වෙනකොට අපේ ව්‍යාපාරය නිසා සේවකයින් කිහිප දෙනෙකුටම රැකියා අවස්තා ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා …අපේ නිෂ්පාදන මහනුවර විතරක් නෙවෙයි අවට තදාසන්න ප්‍රදේශ වලත් කොළඹත් අලෙවිය සඳහා බෙදා හරිනු ලබනවා ….ව්‍යාපාරයෙ කටයුතු දවසින් දවස සාර්ථක කරගන්නට HNB FINANCE සමාගමෙන් ලැබුණු උදව්ව අදටත් අපි සිහි කරන්නේ කෘතගුණ පූර්වක මතකයන් රැසක් එක්ක …

කාන්ති ජයමංගල
පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදකයෝ
පිලිමතලාව
මහනුවර.