ප්‍රවෘත්ති

HNB FINANCE ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන 2021 උළෙලේදී විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමකරණය ප‍්‍රවේශය වෙනුවෙන් ඇගයුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෑතකදී පැවැත්වූ 2021 වසරේ ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන ^ ABF & උළෙලේ දී ‘‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමගත ප‍්‍රවේශය” සම්මානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතු කරගන්නා ලදි. ABF සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී මෙම ඇගයීමට පාත‍්‍ර වූ එකම ශී‍්‍ර ලාංකීය බැංකු නොවන මුල්‍ය ආයතනය HNB FINANCE PLC වීම ද විශේෂත්වයකි.

ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන උළෙල දෙවන වරටත් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ (ඩිජිටල් සම්මාන උළෙලක් ලෙස* පවත්වන ලද අතර මේ සඳහා ආසියාව පුරා පිහිටි ප‍්‍රමුඛතම මූල්‍ය ආයතන රැසක් සහභාගී වූහ.

ව්‍යාපාර ප‍්‍රතිලාභයන්හි විනිවිද බව නවෝත්පාදනයන් සහ ක‍්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය මෙන්ම නිර්මාණශීලී ඩිජිටල් මූල්‍ය සේවා ඔස්සේ පාරිභෝගිකයින් වෙත සේවා සැපයීම යන විවිධාංගීකරණය වූ වැඩපිලිවෙළ HNB FINANCE හි සාර්ථකත්වය මැනවින් පිළිබිඹු කරයි. පසුගිය වසර 2 ක කාලය තුළදී සමාගම විසින් ඉතා පර්යේෂණාත්මකව ඉලක්ක කරගත් වෙළෙඳපොළකට නව මුල්‍ය නිෂ්පාදන සමූහයක් සාර්ථකව හඳුන්වා දුන් අතර තාක්ෂණය හා නවෝත්පාදනයන්හි ප‍්‍රති සන්නාමකරණය තුළින් සහ උපායමාර්ගික ආයෝඡුන තුළින් සැලකිය යුතු බලපෑමක් ඇති කළේය.

” HNB FINANCE, ආසියානු කලාපයේ ප‍්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර ශ්‍රේණිගත ආයතනයතනයක් ලෙස , ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන උළෙලේදී නැවත වරක් ඇගයීමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්. මෙම ජයග‍්‍රහණය අපගේ නොපසුබස්නා උත්සාහය සහ ලොව පුරා සිදුවන වේගවත් දියුණුවට සමගාමීව අපගේ පාරිභෝගිකයින්ට ද පුළුල් හා නව්‍ය මූල්‍ය සේවා අත්විඳීම සහතික කිරීම සඳහා කළ ආයෝඡුන පිළිබඳ සාක්ෂියක් ” යනුවෙන් හි HNB FINANCE PLC අළෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා පැවසුවේය.
ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන උලෙළ (ABF ) අඛණ්ඩව 10 වන වරටත් පැවැත්වුනු අතර මෙහිදී ආසියානු කලාපයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවක බැංකු විසින් සිදු කරන ලද කැපී පෙනෙන සේවාවන්, ව්‍යාපෘති, ගනුදෙනු සහ මුලපිරීම් ඇගයීමට ලක් කරන ලදි. මෙවර නාමයෝජනා පත‍්‍ර විනිශ්චය කරනු ලැබුවේ ASEAN හි කළමනාකාර හවුල්කරු වන Liew Nam Soon මහතා , Ernst and Young, Deloitte & Touche LLP හි හවුල්කරු, ප‍්‍රධානී සහ මූල්‍ය සේවා SEA & Singapore හි Ho Kok-Yong මහතා , PwC හි APAC මූල්‍ය සේවා ප‍්‍රධානී John Dovaston මහතා සහ International Fintech මූල්‍ය සේවා උපදේශක ගෝලීය සම-ප‍්‍රධානී සහ හවුල්කරු Anton Ruddenklau මහතා යන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ගෙන් සමන්විත මණ්ඩලයක් විසිනි.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන‘A(lka)’’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)”, ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.