ප්‍රවෘත්ති

HNB FINANCE නොච්චියාගම සේවා මධ්‍යස්ථානය රන් ණය සේවා සමග අලූත් වෙයි

ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC නොච්චියාගම සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශීඝ‍්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික ආකර්ෂණයට ප‍්‍රතිචාර දක්වමින් නොච්චියාගම, සේවා මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 26 දිනට යෙදුණු සුබ මොහොතින් අංක 58, පුත්තලම පාර, නොච්චියාගම ලිපිනය වෙත ගෙන යනු ලැබූ අතර රන් ණය සේවාවන්ද මෙම නව සේවා මධ්‍යස්ථානයෙහි අරඹනු ලැබීය.

HNB FINANCE නොච්චියාගම සේවා මධ්‍යස්ථානය, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

”අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් වැඩි පහසුකම් සැලසීම සඳහා රන් ණය මධ්‍යස්ථානයක් සමඟ මෙම නව සේවා මධ්‍යස්ථානය ජනතාවට වඩාත් පහසුවෙන් ලගාවිය හැකි පරිද්දෙන් නොව්චියාගම නගර මධ්‍යයේ වඩාත් ඉඩ පහසුකම් සහිත ස්ථානයක ආරම්භ කිරීමට අපට හැකිව තිබෙනවා. අපගේ සේවා ව්‍යාප්ති සැලසුම් ඉතා සුමට ලෙස ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මම අපගේ කණ්ඩායමට ස්තූතිවන්ත වන අතර, මෙම දොරටු හරහා ගමන් කරන අපගේ දැනට සිටින මෙන්ම අනාගත ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට අපි දැන් හොඳින් සූදානම්ව සිටිනවා.” යනුවෙන් HNB FINANCE PLC කළමනාකාර අධ්‍යක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා සඳහන් කළේය.

නව ඉඩකඩ සහිත පරිශ‍්‍රය සතියේ දිනවල පෙ.ව. 8:30 සිට සවස 5:00 දක්වා විවෘතව පවතින අතර, ව්‍යාපාරික ණය, පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් ඇතුළු මූල්‍ය සේවා සඳහා, ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි අංග සම්පූර්ණ කර ඇත. රත්තරං සඳහා උපරිම වෙළෙඳපොළ වටිනාකමක් පිරිනමන ්‍යභඊ ත්‍ෂභ්භක්‍ෑ රන් ණය සේවාව වෙළෙද පොළේ කීර්ති නාමයක් දිනා සිටිනුයේ තරගකාරී පොළී අනුපාත සහ කඩිනම් සේවා පහසුකම් සැලසීමත්, ලේඛන ගාස්තු සේවා ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් අය නොකිරීමත් නිසාය.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)’’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 70 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.