ප්‍රවෘත්ති

ලෝක ළමා දිනය සමරමින් HNB FINANCE ‘යාළු’ ළමා ගිණුමෙන් පොඩිත්තන්ට තෑගි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, 2021 වසරේ ඔක්තෝම්බර් පළමුවනදාට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් HNB FINANCE හි ළමා ඉතුරුම් ගිණුම වන ”යාළු” ගිණුමේ අනුග‍්‍රහයෙන් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන HNB FINANCE සමාගමේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දියත් කරන ලද අතර තම කැමැත්ත අනුව ඕනෑම කෙනෙකුට එයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලදි. මෙහිදී දෙමාපියන්ට සිය පවුලේ සාමාජිකයින් සමග ලෝක ළමා දිනය සමරන ආකාරය දැක්වෙන සමූහ ඡායාරූපයක් #HNBFChildrensDay2021 හැෂ් ටැගය යටතේ නිල ෆේස් බුක් පිටුවට අප්ලෝඞ් කරන ලෙස ඉල්ලීමක් කෙරිණ.

මෙම වැඩසටහන මුළුමනින්ම අන්තර්ජාලය මත ක‍්‍රියාත්මක වූ බැවින් අවදානමකින් තොරව සිය නිවෙස්වල සිටම මේ සඳහා එක් වීමට විශාල පිරිසකට අවස්ථාව උදා විය. මෙහිදී #HNBFChildrensDay2021 වැඩසටහන සමග සම්බන්ධ වූ පවුල් විසින් එවනු ලැබූ ඡායාරූප අතුරින් ප‍්‍රශස්ත සේයාරූ 10ක් තෝරාගෙන එම ජයග‍්‍රාහකයන් සඳහා නොවැම්බර් මාසය තුළ ත්‍යාග පිරිනැමීමට HNB FINANCE සමාගම කටයුතු කරනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වන HNB FINANCE හි අළෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා ”කුඩා කාලයේ සිටම දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම ඔවුන්ගේ ජීවිතයට ඉතාමත් වැදගත් වන අතර ඒ වෙනුවෙන් සිත් ඇදගන්නා සුළු සහ උද්යෝගිමත් ක‍්‍රමවලින් ඔවුන් තුළ එම පුරුද්ද වර්ධනය කිරීමට අප නිරතුරුව කටයුතු කරනවා. යාළු ඉතුරුම් යෝජනා ක‍්‍රමය හරහා ස්ථාවර සහ ආකර්ශනීය පොලී අනුපාත පිරිනමන අතර නිතිපතා ඉතිරි කරන දරුවන් වෙත වයලීන සහ ගිටාර් වැනි සංගීත භාණ්ඩ සේම ඩ්‍රෝන්, ස්කූටර්, බයිසිකල් සහ තවත් බොහෝ වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබෙනවා‘‘ යනුවෙන් පැවසීය.

“අපගේ අනාගත පරම්පරාවට වඩා හොඳ සමාජයක් සහ ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දරුවන් මෙහෙයවීම සහ ඒ සඳහා ඔවුනට සහායවීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස අපි සලකනවා. දරුවන් තුළ යහපත් ගුණාංග ඇති කිරීම වෙනුවෙන් දෙමාපියන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති අතර, වගකිවයුතු මූල්‍ය සමාගමක් ලෙස, දරුවන්ට යහපත් අනාගතයක් උදාකරලීමටත් ඒ සඳහා ඔවුන් දිරිගැන්වීමටත් අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප කටයුතු කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)stable’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 70 ක්දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)” ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.