ප්‍රවෘත්ති

HNB FINANCE මතුගම ශාඛාවට රන් ණය මධ්‍යස්ථානයක්

කළුතර දිස්ත‍්‍රික්කයේ රන් ණය සේවා සඳහා පවතින ඉහළ ඉල්ලූමට පිළියමක් ලෙස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC, සිය නවතම රන් ණය මධ්‍යස්ථානය මතුගම , අගලවත්ත පාරේ, අංක 143 හි පිහිටි සිය මතුගම ශාඛාවේ දී විවෘත කරන ලදී.

HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා විසින් නව රන් ණය ඒකකය විවෘත කරන ලද අතර, අවම පොළී අනුපාතයක් යටතේ රත‍්‍රන් සඳහා ක්ෂේත‍්‍රයේ හොඳම වටිනාකම් පිරිනැමීමටත් ලේඛන ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් අය නොකරමින් රන් භාණ්ඩ බේරා ගැනීමේදී සුළු කාලයක් තුළ එය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් HNB FINANCE විසින් කටයුතු යොදා ඇත.

”රන් ණය සහ ඒ ආශ‍්‍රිත සේවාවන් සඳහා මතුගම සහ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි පවතින ඉහළ විභවය හේතුවෙන් අපගේ මතුගම ශාඛාවෙහි රන් ණය මධ්‍යස්ථානයක් ඇරඹීමට කටයුතු කළා. බාධාවකින් තොරව පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සහ රන් ණය පහසුකම් සැලසීමට අප පෙරමුණ ගන්නා බව මට විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE රන් ණය ප‍්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා සදහන් කළේය.

එදිනෙදා ක‍්‍රියාකාරකම් සඳහා කඩිනම් සහ සරළ මුදල් ප‍්‍රවාහයක් අත්‍යවශ්‍ය වන බැවින්, ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බොහෝ ව්‍යාපාර යොමුවන්නේ ඉහළ පොලී අනුපාත සහිත ණය සඳහා අයදුම් කිරීම හෝ වෙනත් ඕනෑම මාර්ගයක් හරහා වඩාත් කඩිනමින් මුදල් ලබාගැනීම සහතික කිරීම කටයුතු කිරීමයි’ මෙම තත්වය තුළ, ඕනෑම ව්‍යාපාරයක් මෙන්ම තම රත‍්‍රන් සඳහා ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකුට ද HNB FINANCE රන් ණය තුළින් ඔවුන්ගේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි වනු ඇත”
HNB FINANCE මතුගම ශාඛාව සතියේ දිනවල පෙ.ව. 8:30 සිට සවස 5:00 දක්වා විවෘතව පවතින අතර, ව්‍යාපාරික ණය, පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් ඇතුළු මූල්‍ය සේවා සඳහා, ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි අංග සම්පූර්ණ කර ඇත.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)’ශේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ^SME& ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.