HNB FINANCE වෙතින් Auto Loan මූල්‍ය පහසුකම හඳුන්වා දෙයි

නව්‍ය පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවන්හි පෙරමුණ ගෙන සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන HNB FINANCE PLC විසින් පාරිභෝගිකයින්ට තම වාහන සිහිනය සැබෑකර ගැනීම සඳහා පහසුවෙන් ණයක් ලබා ගැනීමට හැකි වන පරිදි “Auto Loan”” මූල්‍ය සේවාව පසුගියදා දියත් කරන ලදී.

මෙහිදී පාරිභෝගිකයා විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන මෝටර් රථය ණය සඳහා සුරැකුමක් ලෙස ක‍්‍රියා කරන බැවින් පාරිභෝගිකයින්ට ස්ථාවර වාරික වශයෙන් ණය ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. පාරිභෝගික රුචිකත්වයට මුල්තැන දෙමින් සහ ඔවුන්ගේ ගෙවීමේ හැකියාව මත වඩාත් නම්‍යශීලී මූල්‍ය සැලසුමක් ලෙස මෙම සේවාව පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා HNB FINANCE හි අළෙවි නිලධාරීන් පුද්ගලිකව ගනුදෙනුකරුවන් වෙත ගොස් වඩාත් කඩිනමින් ඔවුන්ගේ මෝටර් රථ සිහිනය සැබෑ කරවිමට කටයුතු කරනු ඇත.
—HNB FINANCE PLC විසින් සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි සකස් කර ඇති Auto Loan පහසුකම ඉතා ඉක්මනින් පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමට ලැබීම සතුටට කරුණක්. මෙවැනි සේවාවක් අපගේ වර්තමාන මුල්‍ය සේවා ජාලයට හඳුන්වා දීම තුළින් අඛණ්ඩව පාරිභෝගිකයින්ට වඩාත් ප‍්‍රශස්ත මූල්‍ය සේවා පහසුකම් භුක්ති විඳීමටත් ඒ තුළින් ඔවුන්ගේ ජීවිත සවිබල ගැන්වීමට හැකිවන බවටත් මට විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂක සහ ප‍්‍රධාන විධායක නිළධාරි චමින්ද ප‍්‍රභාත් මහතා පැවසුවේය.

මෙම ණය පහසුකම අනෙක් සේවාවන් අතරින් වඩාත් සුවිශේෂී වන්නේ මෙහි ඇති නම්‍යශීලීත්වය නිසාය. එනම් ලියාපදිංචි නොකළ වාහන සඳහා අවම වශයෙන් මාස හයක සිට උපරිම වශයෙන් මාස 84 දක්වා සහ ලියාපදිංචි කළ වාහන සඳහා අවම වශයෙන් මාස හයක සිට උපරිම මාස 60 දක්වා ත් වන පරිදි පාරිභෝගිකයාගේ ගෙවීමේ හැකියාවට අනුව නම්‍යශීලීව සකස් කෙරෙන ස්ථාවර මාසික වාරික ක‍්‍රමයක් හරහා මූල්‍ය පහසුකම නැවත ගෙවීමට අවස්ථාව ලබා දෙයි.
මෙම ණය පහසුකම කාර්, වෑන්, SUV, පිකප් සහ කුඩා ට‍්‍රක් ඇතුළු ද්විත්ව කාර්යය වාහන සඳහාද අදාල වනු ඇත.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)stable’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 70 ක්දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)” ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.