ප්‍රවෘත්ති

HNB FINANCE මෙහෙවර සමාජ වගකීම් ප්‍රවේශය මගින් දෘෂ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLCහි ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය වන “මෙහෙවර “ iudc i;aldrl වැඩසටහන ඔස්සේ සීදුව ප්‍රදේශයේ ජීවත් වන දෘෂ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියලි ආහාර බෙදා දීම පසුගියදා සිදු කෙරිණ.

මෙම වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම HNB FINANCE හි ප්‍රධාන මානව සම්පත් නිලධාරි / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් සහ පරිපාලන රුවන් ප්‍රනාන්දු, පුහුණු අංශ ප්‍රධානි අනුර උඩවත්ත, පුහුනු අංශ කළමනාකාරවරුන් වන සංජය සේනාසිංහ සහ නුවන් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

HNB FINANCE හි සේවකයින්ගේ සහ සමාගමේ ස්වෙච්ඡා අරමුදල් දායකත්වයෙන් ගොඩනංවනු ලැබු මෙහෙවර ආයතනික සමාජ වගකිම් ප්‍රවේශය විවිධ ප්‍රජා සුබසාධන වැඩසටහන් සිදු කරමින් සරණක් අවැසි පුද්ගලයින් වෙත සිය දායකත්වය නොපැකිලිව ලබා දීමට කටයුතු කර ඇත.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)stable’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 70 ක්දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)” ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.