දිරියෙන් දිනූ ජීවිත

අපේ ව්‍යාපාරයේ දියුණුවට මූලාරම්භය ලබා දුන්නෙ HNB FINANCE සමාගමයි….

කවදත් කලබලකාරී නුගේගොඩ කොහුවල හන්දිය මේ දිනවල වෙනදාටත් වඩා කළබලකාරී බවක් උසුලනුයේ කොහුවල හන්දිය හරහා ඉදි කෙරෙන ගුවන් පාලම නිසාවෙනි . මාර්ගය පුළුල් කිරීම සඳහා දෙපස වූ කඩසාප්පු වල ඉදිරිය කඩාදමා තිබුණද රිච්මෝ ටේලර්ස් නම් වූ නාම පුවරුව දුර සිට බලන්නෙකුට වුව පැහැදිලිව දැක ගැනීම අපහසු නැත. කොහුවල නගරයේ වඩාත් ජනතා ආකර්ෂණයක් දිනාගත් ඇඳුම් මැසීමේ ආයතනයක් ලෙස රිච්මෝ ටේලර්ස් (richmo tailors) වෙත හිමිවනුයේ වෙසෙස් තැනකි.
මේ නිසාම රිච්මෝ ටේලර්ස් හි හිමිකරු වූ සුරංග කස්තුරිආරච්චි මහතා ව කතාබහකට කොටු කර ගැනීම අප හිතුව තරම් ලේසි පහසු කටයුත්තක් නොවූයේ ඔහුට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා විමසා බැලීමට විටින් විට අපෙන් අවසර පැතීමට සිදු වූ නිසාය.

‘‘මම මුලින්ම දන්න කියන ටේලර් ෂොප් එකක අවුරුදු කීපයක් රැකියාව කළා..එහෙම කරගෙන යද්දි මට හිතුණා මගේම කියලා ටේලර් ෂොප් එකක් පටන් ගන්න ඕනේ කියලා ..ඒ ගමන කුලියට ගත්තු පුංචි තැනක මම මගේම කියලා ටේලර් ෂොප් එකක් පටන් ගත්තා. ටික කලකින්ම මම හිතුවෙත් නැති විදිහට මගේ ළගට ඇදුම් මහගන්න එන පිරිස වැඩි වුණා. ඒ ඉල්ලුම සපුරාලන්න මට අලුතින් තව මැෂිමක් ගැනීමේ අවශ්‍යතාව මතු වුනා. ව්‍යාපාරයට අතේ තිබුණු මුදල් යට කළ නිසා අලුතින් මැෂිමක් ගන්න සල්ලිත් නෑ. ණයක් ගන්න තැනකුත් නෑ. ව්‍යාපාරයට අලුත් දේවල් එකතු කරගන්න කොයිතරම් වුවමනාව තිබුණත් අනිත් හැමෝටම වගේ මටත් මුදල් කියන ප්‍රශ්නය ඉස්සරහට ආවා බැංකුවකින් ණයක් ගන්න තරම් වත්කම් නැති අපිට ඒ වෙලාවේ තමයි HNB FINANCE සමාගම පිහිටට ආවේ ..මගේ බිරිඳ නිලන්ති කළුගමගේ. ඇය HNB FINANCE සමාගමේ ‘‘දිරිය‘‘ ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමයත් එක්ක සම්බන්ධ වුණා.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ඒ වෙලාවේ මහනමැෂිමක් ගන්න පුළුවන්කම ලැබුණේ…‘‘
සිය දියණිය ගේ පාසලේ කටයුත්තකට පාසලට ගොස් සිටි නිලන්ති මේ මොහොතේ ටේලර් ෂොප් එකට ගොඩවැදුනේ අපට ඇයගෙන් මේ දිරිය කතාවේ ඉතිරි අඩ අසා දැන ගන්නට අවකාශ සලසමිනි .

මම HNB FINANCE සමාගමට සම්බන්ධ වුණේම මහත්තයාගේ ව්‍යාපාරයට උදව්වක් කරන්න ඕන හින්දයි. මගේ අවශ්‍යතාවය විමසා බලපු HNB FINANCE සමාගමේ මහත්වරු අපිට මේ ටේලර් ෂොප් එකේ ඉදිරි කටයුතු කරගෙන යන්නට අවශ්‍ය ණය මුදල ලබා දෙන්නට කඩිනමින් කටයුතු සලසා දුන්නා ..මුලින්ම රුපියල් 15,000 ණය මුදලෙ ඉඳලා අද වෙනකොට රුපියල් ලක්ෂ 5 දක්වා ණය මුදල් වරින් වර මම HNB FINANCE සමාගමෙන් අරගෙන තියෙනවා. ව්‍යාපාරයක් කරද්දි මුදල අවශ්‍යතා ඇති වෙන්නේ කොයි වෙලාවෙද කියන්න බෑ. ඒ සදහා අපේ කියන හැගීම දැනෙන, ඕනෙම මොහොතක අපේ ව්‍යාපාරික අවශ්‍යතාව පිළිබදව කතාකරලා ඊට විසදුමක් ලබාගන්න පුළුවන් මූල්‍ය සමාගමක් අපිත් එක්ක ඉන්නවා කියන්නෙම ඒක විශාල ශක්තියක්.

මේ පළාතේ අපේ පාරිභෝගිකයන්ගේ සියලුම ඇඳුම් අවශ්‍යතාවන් එනම් පාසල් නිල ඇදුමෙ ඉඳලා මංගල ඇඳුම දක්වාම සෑම වර්ගයකම ඇඳුම් අපේ ටේලර් ෂොප් එකේ මහනවා අද වෙනකොට අපි ළඟ තව හය දෙනෙකුට රැකියා අවස්ථා ලබාදෙන්නත් අපිට පුළුවන් වී ඇති බව බොහොම සතුටින් කියන්න ඕනෙ …මේ හැමදේටම අපිට මූලාරම්භය ලබා දුන්නෙත් අද වෙනතුරුත් අප පසුපස සිටිමින් අපේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදෙන්නෙත් HNB FINANCE සමාගම බව මම පවසන්නේ ඉතාමත්ම කෘතඥ පුර්වක වූ හැඟීමෙන්.

නිලන්ති කළුගමගේ
සුරංග කස්තුරිආරච්චි
රිච්මෝ ටේලර්ස්
නුගේගොඩ