ප්‍රවෘත්ති

HNB FINANCE, DocuSign සමඟ අත්වැල් බැඳගනිමින් ඊ-අත්සන් ආකෘතිය හඳුන්වාදෙයි

2021 ජනවාරි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC තම දෛනික මෙහෙයුම්හි දී කඩදාසි භාවිතයෙන් තොර ගණුදෙනු සඳහා පාරිභෝගිකයින්ව දිරිගැන්වීමට DocuSign සමඟ අත්වැල් බැඳගනිමින් ඩිජිටල් අත්සන් ආකෘතිය සක‍්‍රීය කිරීමට පියවර ගන්නා ලදි.

HNB FINANCE හි අභ්‍යන්තර මෙහෙයුම් සඳහා දැනටමත් මෙම ආකෘතිය ක‍්‍රියාවට නංවා ඇති අතර එහිදී සාම්ප‍්‍රදායික ලිඛිත අත්සන් වෙනුවට විද්‍යුත් අත්සන භාවිතා කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවනු ඇත.

” ඊ-අත්සන් ආකෘතිය ක‍්‍රියාත්මක කිරීම HNB FINANCE හි සේවා ඩිජිටල්කරණයට ගෙන යෑමේ ක‍්‍රියාවලියෙහි සාධනීය පියවරක්. එය අපගේ තිරසාර ව්‍යාපාරික ආකෘතියට අනුකූල වන අතර දැනට පවතින වසංගත තත්වයට එරෙහිව සටන් කිරීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා ද මෙම ක‍්‍රමවේදය වඩාත් උචිත වෙනවා. එමෙන්ම කාබන්ඩයොක්සයිඞ් වාතයට මුදා හැරීම අවම කරමින් කාබන් පියවර සීමා කිරීමට හැකිවීම ද මෙහි ඇති අද්විතිීය ප‍්‍රතිලාභයක්.” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසුවේය.

ඊ-අත්සන් ආකෘතිය බැංකු විසින් ප‍්‍රමුඛව භාවිතා කරන අතර මෙය මූල්‍ය සමාගම්වල ගනුදෙනුකරුවන්ට හඳුන්වා දෙන පළමු මෙයයි. මේ හරහා ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය අංශය තුළ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට HNB FINANCE සමාගමට හැකිවන අතර සිය ඩිජිටල් සේවා ප‍්‍රවර්ධන මෙහෙයුමේ පුරෝගාමී පියවරක් ඉදිරියට තැබීමට ද හැකියාව ලැබෙනු ඇතග
DocuSign සේවාව මගින් ආයතනයන්හි ගිවිසුම් සකස් කිරීම ”අත්සන් කිරීම” ක‍්‍රියාත්මක කිරීම, සහ කළමනාකරණ ක‍්‍රමවේදයන්හි නව්‍යකරණයක් ඇති කෙරෙන අතර ස්වයංක‍්‍රීය මෙම ක‍්‍රියාවලිය සිදුවන බැවින් වේගවත් සේවා සැලයීමකට ද මෙය ඉවහල් වේ. DocuSign Agreement Cloud හි කොටසක් ලෙස DocuSign විසින් ඊ-අත්සන් ආකෘතිය පිරිනමන අතර එය ප‍්‍රායෝගිකව ඕනෑම උපාංගයකින් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඉලෙක්ට්‍රොනිකව අත්සන් කිරීමට ලොව අංක එකේ මාර්ගය වේ. අද රටවල් 180කට අධික සංඛ්‍යාවක මිලියනයකට අධික පාරිභෝගිකයින් සහ බිලියනයකට අධික පරිශීලකයින් දෛනික ක‍්‍රියාවලීන් වේගවත් කර ගැනීමට සහ ජීවිත සරල කර ගැනීමට DocuSign Agreement Cloud භාවිතා කරයි.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A(lka)stable’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 70 ක්දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය(SME)” ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.