ප්‍රවෘත්ති

HNB FINANCE ව්‍යාපාර උපදේශන සේවාවට අදාළ කළමනාකරන සංවර්ධන ඩිප්ලෝමාව හිමිකරගත් සිය කළමනාකරුවන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ව්‍යාපාර උපදේශන සේවාවට අදාළ කළමණාකරන සංවර්ධන ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ සිය කළමනාකරුවන් අගයමින් ඊට අදාළ සහතිකපත් පිරිනැමීම පසුගියදා සිදු කරන ලදි. මෙම ක්ෂේත්‍රයට අදාළව සිදු කළ පළමු සහතිකපත් පිරිනැමීම මෙය විය.

මෙම සහතිකපත් පිරිනැමීමේ උළෙල පසුගිය දා නාවල පිහිටි HNB FINANCE PLC ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම කළමනාකරණ සංවර්ධන ඩිප්ලෝමාව මෙහෙයවනු ලැබූ මහචාර්ය ගාමිණි අල්විස්, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ මහාචාර්ය ධර්මදාස යන මහත්වරුවන්ද විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක් වූහ.
2021 වසරේ පැවති ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සහභාගීවූවන් අතුරින් 72දෙනෙකු සාර්ථක අන්දමින් මෙම පාඨමාලාව නිමා කළ අතර HNB FINANCE PLC හි ප්‍රාදේශීය කළමනාකරුවන්, කළමනාකරුවන් සහ නියෝජ්‍ය කළමනාකරුවන් මේ අතර වූහ. HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ අධීක්ෂණය සහ සංකල්පයක් මත ක්‍රියාත්මක වෙන මෙම අධ්‍යයන වැඩසටහන දැනට ලබා ගෙන ඇති ප්‍රගතිය මත ඉදිරියේදී සමාගමේ සියලු කළමනාකරණ සාමාජිකයින් දක්වා පුළුල් කිරීමට සමාගම සැලසුම් කර ඇත.

කාලීන අවශ්‍යතාවකට අනුව HNB FINANCE සමාගම මගින් ක්‍රියාත්මක කරන මෙම ඩිප්ලෝමා පාඨමාලාව තුළින් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම ආයතනයක් ලෙස අඛණ්ඩව ගෞරවයට පාත්‍ර වීම වඩාත් තහවුරු වන අතරම සේවකයින්ට තම සේවා දිවියෙහි ජයග්‍රහන ලබා ගැනීම සඳහා වන දැනුම ලබාදීමේ අඛණ්ඩ ක්‍රියාවලිය ද සමාගම විසින් ගෙන යන බවද සනාථ කරයි.

HNB FINANCE
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 77 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.