ප්‍රවෘත්ති

HNB FINANCE “Christmas Giveaway”, ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

කෝවිඞ් වසංගතය හේතුවෙන් සංචරණ සීමාවන් මැද නිවෙස් තුළම නත්තල සැමරූ ශ‍්‍රී ලාංකිකයින් වෙත අපූර්ව අත්දැකීමක් එක් කරමින් HNB FINANCE PLC විසින් සිය වෙබ් අඩවිය සහ මුහුණු පොත ඔස්සේ පසුගිය දෙසැම්බර් මාසයේදී දියත් කළ “Christmas Giveaway Alert”,ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට හිමි ත්‍යාග පිරිනැමීම ඔවුන්ට ආසන්නයේ පිහිටි HNB FINANCE ශාඛාවන් හරහා මේ වනවිට සිදු කරනු ලබයි.

ඩිජිටල් වේදිකාවන් ඔස්සේ මුල්‍ය සේවා ප‍්‍රවර්ධනයෙහි පෙරමුණ ගෙන සිටින HNB FINANCE සමාගම පසුගිය නත්තල වෙනුවෙන් දියත් කළ මෙම , “Christmas Giveaway “වැඩසටහන මගින් ඉදිරිපත් කළ විවිධත්වයෙන් පිරිපුන් තරග සඳහා සහභාගී වී ඉන් ජයග‍්‍රහනය ලැබූ තරගකරුවන් මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 70 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME&”, ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.