HNB General savings

ඉතුරුම් – සාමාන්‍ය ඉතුරුම්

ඔබගේ දෛනික ඉතුරුම් අවශ්‍යතා සඳහා

අපගේ සාමාන්‍ය ඉතුරුම් ගිණුම නිර්මාණය කර ඇත්තේ ඔබගේ සියලු සාමාන්‍ය ඉතුරුම් අවශ්‍යතාවන් සඳහායි.
වෙළඳපොලේ ඇති ඉහළම පොළි අනුපාතයේ ප්‍රතිලාභ විදීමට HNB ෆිනෑන්ස් සමඟ ඉතුරු කරන්න.

මූලික විශේෂාංග.


සුදූසුකම්.

ශ්‍රී ලංකාවේ නේවාසිකව ජීවත් වන වයස අවුරුදූ 18ට ඉහළ ඕනෑම කෙනෙකුට සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට අයැදූම් කළ හැක.


අවශ්‍යතාවන්.

  • කොන්දේසි පත්‍රය සම්පූර්ණ කර තිබීම.
  • KYC අවශ්‍යතාවය (ඔබේ ගනුදෙනුකරු දැන ගන්න).
  • ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක පිටපතක්.

 


අනුපාත සහ ගාස්තු.

 

මුදල් ප්‍රමාණයපොලී අනුපාතය
1,000-9,999.991.5
10,000-99,999.993.5
100,000 සහ ඉහළට5

නියමයන් සහ කොන්දේසි.

අපගේ නියමයන් සහ කොන්දේසි විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකි නිසා නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳව දැන ගනු වස්, ඔබ අසලම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

  • ගිණුමේ අවම ශේෂය ලෙස රු 500 ක් සැමවිටම රඳා පැවතිය යුතුයි.
  • මසකට පස් වරකට වඩා ශාඛා කවුන්ටරයෙන් මුදල් ආපසු ගත් විට එම මාසයේ පොළිය ගිණුමට බැර නොකෙරෙනු ඇත.

සාමාන්‍ය ඉතුරුම්

ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ අයැදුම් පත්‍රය

සාමාන්‍ය ඉතුරුම්

ගනුදෙනුකරු හදුනාගැනීමේ පෝරමය (KYC)

සාමාන්‍ය ඉතුරුම්

අත්සන හදුනාගැනීමේ පත්‍රය

සාමාන්‍ය ඉතුරුම්

ATM කාඩ්පත අයැදුම් පත්‍රය

සාමාන්‍ය ඉතුරුම්

ස්ථාවර නියෝග අයැදුම් පත්‍රයපත්‍රය

සාමාන්‍ය ඉතුරුම්

විද්‍යුත් ප්‍රකාශනය සදහා අයැදුම් පත්‍රය


එච්.එන්.බී.ෆිනෑන්ස් විද්‍යුත් ප්‍රකාශනයට අදාළ නියමයන් හා කොන්දේසි.

  • මා විසින්/ අප විසින් විද්‍යුත් ප්‍රකාශනයට පිවිසීම/එය සමාලෝචනය සිදු කොට ඒ හා සම්බන්ධව පවත්නා යම් දෝෂයක් හෝ වෙනයම් අක්‍රමිකතාවයක් වේනම් ඒ පිළිබඳව වහා එච්.එන්.බී. ෆිනෑන්ස්
    ආයතනය වෙත දැනුම් දීමට කටයුතු කළ යුතු බව පිලිගනිමි/පිළිගනිමු. මෙම ප්‍රකාශනය වෙත වෙන කිසිවෙකුට හෝ ප්‍රවේශය ලබා නොදිය යුතු බවද වටහා ගනිමි/ගනිමු. කෙසේ වුවද,
    යම් දෝෂ හෝ වෙනයම් අක්‍රමිකතාවයන් පවත්නේ නම් එකරුණ සමාලෝචනය කිරීමේ සම්පූර්ණ වගකීම දරා සිටීමට එකඟ වෙමි/වෙමු.
  • ඒ වෙත ප්‍රවේශ වී වෙනයම් පරිගණකයක් තුළට පිටපත් කිරීම හෝ ගබඩා කිරීම සිදු කිරීමේ හැකියාවක් පවත්නා එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය විසින් ඉදිරිපත් කර ඇති විද්‍යුත් ප්‍රකාශනය තුළ
    අන්තර්ගත තොරතුරුවල රහස්‍යභාවය පවත්වාගෙන යාමේ පූර්ණ වගකීම මා/අප සතු බවට මෙහිලා තහවුරු කරමි/කරමු.
  • මෙතුළ ලබාදී ඇති විද්‍යුත් තැපැල් ලිපිනය මින් පෙර ලබාදී ඇති යම් විද්‍යුත් තැපැල් ලිපිනයක් වේනම් ඒ වෙනුවට යොදාගන්නේය යන කරුණ පිළිගනිමි/පිළිගනිමු.
  • ඉහත සඳහන් දේ ලබාදීම සඳහා එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනයට එරෙහිව මින් පෙර හෝ මින් පසු ඇති වන මාගේ/අපගේ යම්කිසි වූ හෝ නෛතික අයිතියක් වේනම් එය ප්‍රකාශිතවම මෙහිලා අත්හරිමි/අත්හරිමු. තවද, එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනය විසින් සම්ප්‍රේෂණය කොට ඇති විද්‍යුත් ප්‍රකාශනයනට අදාළ අවදානම් හා වගකීම් පිළිගනිමි/පිළිගනිමු.
  • මාගේ/අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයෙහි යම් වෙනස් කිරීමක් සිදුකළහොත් එය හෝ මෙම සේවය නවත්වන ලෙස ලිඛිතව සිදු කෙරෙන යම් ඉල්ලීමක් වේනම් එයද, මා විසින්/අප විසින් වහා එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය වෙත ලිඛිතව සන්නිවේදනය කරන බවට තහවුරු කරමි/කරමු.
  • විද්‍යුත් තැපැල් ලිපිනයේ වෙනස් කිරීමක් වේනම් එයද ඇතුළත්ව විද්‍යුත් ප්‍රකාශන සේවයට අදාළ කරුණු සම්බන්ධව එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය විසින් දුරකථනයෙන් මා/අප ඇමතිය හැකි බවටද, දුරකථනයෙන් ලබාදෙනු ලබන එම උපදෙස්වලට අනුව කටයුතු කිරීම හේතුකොට ඇතිවිය හැකි යම් අලාභයක් වේනම් එහි වගකීමෙන් එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය නිදහස් කරන බවටද පිළිගනිමි/පිළිගනිමු.
  • එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය වෙත සන්නිවේදනය නොකර විද්‍යුත් තැපැල් ලිපිනය වෙනස් කිරීම හේතුකොට සේවය ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් විද්‍යුත් ප්‍රකාශනය නොලැබීම වෙනුවෙන් හිමිකම් ඉල්ලා සිටීමේ අයිතියක් අප වෙත නොලැබෙන බවටද පිළිගනිමි/පිළිගනිමු.
  • . විද්‍යුත් ප්‍රකාශන පහසුකම ක්‍රියාත්මක නොවීමක් හෝ එහි ඇතිවන යම් දෝෂයක් හේතුකොට විද්‍යුත් ප්‍රකාශනය නොලැබීම සම්බන්ධයෙන් එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය බැරකමින්, වගකීමෙන් හෝ වගවීමෙන් බැඳ නොතබන බවටද පිළිගනිමි/පිළිගනිමු.
  • ඉහත නියමයනට හා කොන්fදිසිවලට මා/අප විසින් එකඟ වීම මත එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය විසින් මා/අප වෙත විද්‍යුත් ප්‍රකාශන එවනු ලබන බවද, ඕනෑම අවස්ථාවක හා කිසිදු දැනුම් දීමකින් තොරවද මෙම නියමයන් හා කොන්දේසි හා අදාළ ගාස්තුද වෙනස් කිරීමේ හිමිකම එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනය සතුවන බවද පිළිගනිමි/පිළිගනිමු.
  • එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනය විසින් කලින් කලට හෝ අවශ්‍යවන පරිදි මෙම සේවය නවතාලීම හෝ වෙනස් කිරීම සිදුකළ හැකි අතර, මා/අප වෙත කිසිදු දැනුම් දීමකින් තොරව හා කිසිදු හේතු දැක්වීමකින්ද තොරව ප්‍රකාශනයේ මුද්‍රිත පිටපතක් ලබාදීම හෝ නියමයන් හා කොන්දේසි සහ නියෝග වෙනස් කිරීම සිදුකළ හැකි බවටද පිළිගනිමි/පිළිගනිමු.

සාමාන්‍ය ඉතුරුම්

ප්‍රධාන කරුණු ලේඛනය

සාමාන්‍ය ඉතුරුම්

නිතර ඇසෙන ගැටළු (FAQ)