ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සහ Toyota Lanka පුද්ගලික සමාගම උපායමාර්ගික එකඟතාවකට එළැඹෙමින් අලුත්ම සහ සමාගම විසින් සහතික කරනු ලැබූ ටොයෝටා මෝටර් රථ මිලදී ගැනීම සඳහා සුවිශේෂී කල්බදු සේවාවන් (Leasing Solutions ) හඳුන්වා දෙන ලදි.
HNB FINANCE PLC සහ Toyota Lanka පුද්ගලික සමාගම එළැඹි මෙම සහයෝගීතාවට අදාල අවබෝධතා ගිවිසුමට නොබෝදා අත්සන් තැබූ අතර අදාල පාරිභෝගිකයින්ට සිය සිතැඟි පරිදි මෝටර් රථ මිලදී ගැනීම සඳහා අවශ්ය කල්බදු පහසුකම් මෙම ගිවිසුම යටතේ පිරිනැමෙනු ඇත. සමාගම් විසින් එළැඹි මෙම අවබෝධතා ගිවිසුමට අනුව මෝටර් රථය මිලදී ගැනීමෙන් අනතුරුව Toyota Lanka පුද්ගලික සමාගම විසින් ලබා දෙන අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සහ මෝටර් රථ හිමිකාරීත්වයට හිමිවෙන සෙසු වරප්රසාදයන් ද භුක්ති විඳීමේ අවස්ථාව හිමි වනු ඇත.
HNB FINANCE හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය මෝටර් රථ කල්බදු පහසුකම් වඩාත් පුළුල් ලෙස ජනතාවට ලබාදීම සඳහා සමාගම ගෙන යන වැඩපිළිවෙළට තවත් ශක්තියක් එක් කරනු ඇති බවයි.
“වාහන කල්බදු පහසුකම් සඳහා විශ්වාසනීය ප්රවේශයක් පැවතීම පුද්ගලික ගමනාගමනයට පමණක් නොව, ව්යාපාරික කටයුතු සහ පුළුල් ආර්ථික සහභාගිත්වය සඳහාද වැදගත් වන බව මගේ විශ්වාසයයි. Toyota Lanka සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය මඟින්, ලොව පිළිගත් මෝටර් රථ සන්නාමයක විශ්වාසය සහ අලෙවියෙන් පසු සේවාව සමඟ තරඟකාරී මූල්ය පහසුකම් පාරිභෝගිකයන්ට ලබාදීමට අපට හැකිව තිබෙනවා” යනුවෙන් ඔහු පැවසීය.
වෙනස් වන පාරිභෝගික අවශ්යතාවන්ට ප්රතිචාර දැක්වීම සඳහා වඩාත් පහසු සහ ප්රවේශ විය හැකි මූල්ය විසඳුම් තවදුරටත් ශක්තිමත් කිරීමට HNB FINANCE කටයුතු කරන බවද චමින්ද ප්රභාත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම හවුල්කාරිත්වය යටතේ සුදුසුකම් ලබන Toyota වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට Toyota Lanka වෙතින් නොමිලේ වාහන ලියාපදිංචි කිරීමේ පහසුකම හිමිවේ. එමෙන්ම එන්ජිම සහ ගියර් පද්ධතිය සඳහා වසර තුනක හෝ කිලෝමීටර් 100,000ක, ඒ දෙකෙන් පළමුව සම්පූර්ණ වන කාලසීමාව දක්වා, පුළුල් වගකීමක්ද හිමිවනු ඇත.
Toyota forklift මිලදී ගන්නා පාරිභෝගිකයන්ට වසර දෙකක හෝ මෙහෙයුම් පැය 6,000ක් හෝ ඒ් දෙකෙන් පළමුව සම්පූර්ණ වන කාලසීමාව දක්වා වගකීමක් හිමිවේ.
මෙම හවුල්කාරිත්වය යටතේ Toyota වාහන සඳහා නොමිලේ සේවා වාර තුනක්ද, Toyota forklift සඳහා නොමිලේ ශ්රම සේවා වාර තුනක්ද පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිතය. මෙම අවබෝධතා ගිවිසුමට එළැඹිමේ අවස්ථාව සඳහා සමාගම් ද්විත්වයේම ජ්යෙෂ්ඨ කළමනාකාරීත්ව නියෝජිතයින් සහභාගී වූහ.
Toyota Lanka සමාගම නියෝජනය කරමින් සභාපති මසාඅකි කවබාතා මහතා සහ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා එක්ව සිටියහ.
HNB FINANCE නියෝජනය කරමින් කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත්, නියෝජ්ය සාමාන්යාධිකාරී අරුණ සෝමසිරි, සහකාර සාමාන්යාධිකාරී පැතුම් සම්පත් කුරේ, ලීසිං ප්රධානී සමන් ප්රේමරත්න, ප්රධාන කළමනාකරු – ආයතනික අළෙවිකරණ සන්නිවේදන සහ ඩිජිටල් ව්යාපාර, මධුර විජේරත්න සහ ජ්යෙෂ්ඨ කළමනාකරු – අලෙවිකරණ රුවන් ඉන්දික යන මහත්වරු එක්ව සිටියහ.
2000 වසරේ ආරම්භ කරන ලද HNB FINANCE PLC, 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනත යටතේ නියාමනය වන බලපත්රලාභී මූල්ය සමාගමකි. Fitch Ratings Lanka Limited විසින් සමාගමට ‘A(lka)’ ශ්රේණිගත කිරීමක් ලබාදී ඇත.
HNB FINANCE සිය දීපව්යාප්ත සේවා ජාලය හරහා ලීසිං, ඉතුරුම්, ස්ථාවර තැන්පතු, රන් ණය සහ තවත් මූල්ය සේවා රැසක් ලබාදෙයි. Toyota Lanka සමඟ ඇති කරගත් මෙම නව හවුල්කාරිත්වයද, ශ්රී ලංකාවේ විධිමත් වාහන මූල්යකරණ පහසුකම් සඳහා පාරිභෝගික ප්රවේශය තවදුරටත් පුළුල් කිරීමේ සමාගමේ වැඩපිළිවෙළේ තවත් පියවරක් බව HNB FINANCE සඳහන් කරයි.