logo
011 2024848
Appropriately facilitate principle-centered bandwidth.
ප්‍රවෘත්ති

HNB FINANCE අධ්‍යක්ෂ මණ්ඩලයට සිවරාජා නන්දකුමාර් සහ තුමුදු සුපුන් ඩයස් එක්වෙති

13th අගෝස්තු, 2026

HNB FINANCE PLC සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස සිවරාජා නන්දකුමාර් මහතා සහ තුමුදු සුපුන් ඩයස් මහතා පත්කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති සිවරාජා නන්දකුමාර් මහතා, බැංකුකරණය හා මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ  සාමාජිකයෙකු ද වේ.

ඔහු මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ විධායක උප සභාපති සහ ප්‍රධාන ව්‍යාපාර මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරමින්, මධ්‍යගත මෙහෙයුම් සහ සහායක සේවා ඇතුළු බැංකුවේ සමස්ත මෙහෙයුම් කටයුතු සඳහා නායකත්වය, උපායමාර්ගික මඟපෙන්වීම සහ අධීක්ෂණය ලබා දෙයි.

Lanka Financial Services Bureau Limited සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරන නන්දකුමාර් මහතා, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වේ.

හැටන් නැෂනල් බැංකුවේ වසර 34කට අධික සේවා පළපුරුද්දක් ඇති ඔහු, ශාඛා බැංකුකරණය, මෙහෙයුම් කළමනාකරණය, කලාපීය නායකත්වය, පෞද්ගලික බැංකුකරණය සහ ව්‍යාපාර සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහ ආයතනික නායකත්ව තනතුරු හොබවා ඇති අතර බැංකුවේ වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ගනුදෙනුකාර ප්‍රවේශය පුළුල් කිරීම සහ ව්‍යාපාර ව්‍යාප්තිය වෙනුවෙන් ඔහු සිය වෘත්තීය ජීවිතය පුරා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.

තුමුදු සුපුන් ඩයස් මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇති අතර, එම ආයතනයේ වරලත් අලෙවිකරුවෙකු ද වේ. ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාන්‍ය යාවජීව සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

HNB FINANCE PLC සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු  ලෙස  පත්වීම් ලැබූ සුපුන් ඩයස් මහතා මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ විධායක උප සභාපති සහ ජාල ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කරමින්, බැංකුවේ ශාඛා ජාලය සහ බෙදාහැරීමේ ජාලය සඳහා උපායමාර්ගික නායකත්වය සහ සමස්ත මඟපෙන්වීම ලබා දෙයි.

හැටන් නැෂනල් බැංකුවේ වසර 34කට අධික සේවා අත්දැකීමක් ඇති ඔහු, අලෙවිකරණය සහ ජාල කළමනාකරණය ප්‍රධාන කරගත් ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකරණ තනතුරු රැසක් හොබවා තිබේ.බැංකුවේ වෙළෙඳපොළ පැවැත්ම ශක්තිමත් කිරීම, ගනුදෙනුකාර ප්‍රවේශය පුළුල් කිරීම, ශාඛා ජාලය සංවර්ධනය කිරීම සහ ව්‍යාපාරික වර්ධනය ඉහළ නැංවීම සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

සිවරාජා නන්දකුමාර් සහ තුමුදු සුපුන් ඩයස් මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩලයට උණුසුම් ලෙස පිළිගන්නා එච්එන්බී ෆිනෑන්ස් සමාගම, ඔවුන් සතු පුළුල් බැංකුකරණ අත්දැකීම්, උපායමාර්ගික දැක්ම සහ වෘත්තීය දැනුම සමාගමේ ඉදිරි ව¾ධනයට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය පළ කරයි.