ස්වශක්ති

ඔබේ ප්‍රගතියයේ මූල්‍ය පදනම

ස්වශක්ති, අපගේ SSE ව්‍යාපාර ණය පහසුකම සැලසුම් කර ඇත්තේ ඉතුරුම් ගිණුම් හිමියන්ගේ මූල්‍ය අවශ්‍යතා වලට සහාය වීම සඳහා ය. මෙම ණය පහසුකම මගින් තමන්ගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා තවදුරටත් අරමුදල් අවශ්‍ය කරන ඉතුරුම් ගිණුම් හිමියන්ට සහාය වෙයි. එයට අමතරව, පිරිමි හා කාන්තා යන දෙපාර්ශ්වයෙහි ම ව්‍යවසායකයින් සඳහා මෙම කුඩා ව්‍යාපාර ණය පහසුකම සපයා දෙනු ලැබේ.

මූලික විශේෂාංග

වාසි
  • නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රමය
  • ඔබේ නිවසටම පැමිණ සපයා දෙන කඩිනම් සේවාව
  • පුහුණු කාර්ය මණ්ඩලය හරහා පුද්ගලීකරණය කළ සේවාව
  • ඇපකරුවන් අවශ්‍ය නැත (රුපියල් 400,000 දක්වා)
  • පහසු සහ සරල ලියකියවිලි
  • තරඟකාරී පොළී අනුපාත
  • මරණය සහ ස්ථිර ආබාධිතභාවය සඳහා රක්‍ෂණ ආවරණය (කොන්දේසි අදාළ වේ).

 


සුදුසුකම්

වයස අවුරුදු 18 – 69 අතර ගනුදෙනුකරුවන් ස්වශක්ති ණය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබති. ණය ලබා දෙනු ලබන්නේ දැනටමත් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා පමණක් වන අතර, එය අවම වශයෙන් ගනුදෙනු 20 ක් සහිතව අවමය මාස 2 ක කාලයක් ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති ගනුදෙනුකරුවන් සඳහා පමණක් අදාළ වේ.


අවශ්‍යතාවන්

  • නිසි ලෙස සම්පූර්ණ කර, අත්සන් කරන ලද අයදුම්පත.
  • වලංගු ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සහ ජාතික හැඳුනුම්පත නොමැති නම්, රියදුරු බලපත්‍රයෙහි/ විදේශ ගමන් බලපත්‍රයෙහි (ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත්) පිටපතක්
    ලබා දිය යුතුය.
  • විදුලි බිල, ජල බිල, ස්ථාවර දුරකථන දුරකථන බිල.
  • HNBG ඉතිරි කිරීම් ගිණුම් ප්‍රකාශය.
  • ජංගම ගිණුමේ ගිණුම් ප්‍රකාශය සහ ඉතිරි කිරීමේ ගිණුමේ ගිණුම් ප්‍රකාශය (වෙනත් බැංකු).
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් (අදාළ වන්නේ නම්).
  • මිලදී ගැනීම් සඳහා ඇස්තමේන්තු සහ ඉදිපත්ව ඇති මිල ගණන්.
  • මුදල් ප්‍රවාහය තහවුරු කිරීම සඳහා මිලදී ගැනීම් බිල්පත් සහ විකුණුම් බිල්පත්

අනුපාත සහ ගාස්තු

ගනුදෙනුකරුගේ ඉල්ලීම අනුව අනුපාත සහ ගාස්තු තීරණය වේ.


නියමයන් සහ කොන්දේසි

අපගේ නියමයන් සහ කොන්දේසි සංශෝධන වලට භාජනය විය හැක. එම නිසා නවතම තොරතුරු සහ නියමයන් හා කොන්දේසි පිළිබඳව දැන ගැනීම සඳහා ළඟම පිහිටි HNB ෆිනෑන්ස් ශාඛාව අමතන ලෙස අපි ඉල්ලා සිටිමු.

  • HNB ෆිනෑන්ස් සමාගමේ ඉතිරිකිරීමේ ගිණුමක් හිමි සේවාදායකයෙකු වීම
  • ආසන්න වශයෙන් මාස දෙකක ඉතිරිකිරීම් ගනුදෙනු (අවම වශයෙන් ගනුදෙනු 20ක්)
  • ණය මුදල සඳහා 30% ක ඉතිරිකිරීම් ප්‍රමාණයක්
  • අවම ණය මුදල රුපියල් 10,000 ක් සහ උපරිම ණය මුදල රුපියල් 1,500,000 ක්
  • ු. 400,000 ට වැඩි ණය සඳහා ඇපකරුවන් දෙදෙනෙක්
  • සති 104 දක්වා ආපසු ගෙවීමේ කාලයක්.

ස්වශක්ති

අයැදුම් පත්‍රය

ස්වශක්ති

ඇපකරුගේ ප්‍රකාශය

ස්වශක්ති

ප්‍රධාන කරුණු ලේඛනය

ස්වශක්ති

නිතර ඇසෙන ගැටළු (FAQ)