ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ‘සියලු කාන්තාවන්ගේ සහ දැරියන්ගේ අයිතිවාසිකම් සහ සමානාත්මතාවන් සවිබල ගන්වමු” යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව ව තවදුරටත් අරුත් ගන්වමින් සිය සමාගමේ කාන්තා සේවක මඩුල්ල ඇගයීමට සහ ඔවුන් සවිබල ගැන්වීම උදෙසා 2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමේ ප්‍රමුඛ අවධානයක් ලබාදෙන ලදි.
HNB FINANCE හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය නාවල පිහිටි සමාගම් ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති අතර මේ සඳහා HNB FINANCE හි කාර්යමණ්ඩල සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ. ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මෙම සැමරුම් උළෙලට සමගාමීව ශාඛා ම්ට්ටමෙන්ද සැමරුම් උත්සව සංවිධානය වූ අතර ප්‍රධාන කාර්යාලීය වැඩසටහන සදහා දීප ව්‍යාප්ත ශාඛා කාර්ය මණ්ඩලයද සජීවි ලෙස සම්බන්ධ කර ගැනිණි. මේ තුළින් ඔවුන් ඇගයීමට සහ සේවා පරිසරය තුළ ඔවුන් වෙත ලබා දිය හැකි දායකත්වය පිලිබඳව දැනුම්වත් කිරීමද සිදු විය.
කාන්තා දින සැමරුමේ ආරාධිත දේශන සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන ඒ්කකයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය, ආචාර්ය දිලුමි අතපත්තු, සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සෞඛ්‍යය පිළිබඳ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය චතුරංගි විද්‍යාරත්න යන මහත්මීහු සහභාගී වූහ.
සභාව අමතමින් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන ඒ්කකයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවේ “ කාන්තාවන් සහ දරුවන් අපයෝජනයන්ගෙන් වළක්වා ගැනීම සඳහා හැම අයකුගේම සහාය අවශ්‍ය බවත් විවිධ උවදුරුවලින් දරුවන් රැක ගැනීම සඳහා නිරතුරුව අවධානයෙන් පසුවිය යුතු බවයි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය මත සිදු විය හැකි ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම සඳහාත්, කාන්තාවන් සහ දරුවන් සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහාත් ශ්‍රී ලංකා පොලිසීය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවයි.
HNB FINANCE හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයෙහි දෙවැනි අර්ධයෙහි අදහස් දැක්වූ වෛද්‍ය චතුරංගි වෛද්‍යරත්න මහත්මිය යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත් වන ආකාරය පිලිබඳව සාකච්ඡාමය ස්වරූපයේ දැනුම්වත් කිරීමක් සිදු කළාය.
HNB FINANCE හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම පිලිබඳව සිය අදහස් දැක්වූ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන අද වගේ දවසකදී, ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙමින් HNB FINANCE සමාගමේ උන්නතිය සඳහා කැපවන අපගේ කාන්තා කාර්ය මඩුල්ල මෙලෙස ඇගයීමට ලක් කිරීමට ලැබීම අප ලද භාග්‍යයක්. මවක්,බිරිදක්, සහෝදරියක්, දියණියක් ලෙස කාන්තාව සමාජයට ලබා දෙන දායකත්වය තුළ අභියෝග ජය ගනිමින් නව මානයක් වෙත අපගේ කාන්තා ප්‍රජාව ගෙන යන බව මාගේ අදහසයි. අනාගත පරපුර නිසි මගට යොමු කිරීම සඳහා කාන්තාවගේ දායකත්වය ප්‍රමුඛ තැනක් ගන්නා බැවින් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අභිමානවත්ව සැමරීමට HNB FINANCE නිරතුරුව කටයුතු කරනවා. එමෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා අප විසින් ගෙන යන වැඩපිලිවෙල වඩාත් සාර්ථක වී තිබෙනවා. කුඩා ව්‍යාපාර ණය, සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන වැනි ක්‍රියාකාරකම් තුළින් ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් වෙත පියනැගීම සඳහා අපි ඔවුන්ට සහාය වෙමින් සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.