ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි මුලතිව් ශාඛාව නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගම සිය පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව මූල්‍ය සේවාවන් ලබා දීම අරමුණු කර ගනිමින් මෙලෙස ශාඛාවන් වඩාත් නවීකරණය කළ නව ස්ථානයන් වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි.
කෙලින් වීදිය මුලතිව් යන නව ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE මුලතිව් ශාඛාවේ සමාරම්භක අවස්ථාව සඳහා එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ඇතුළුව සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ
HNB FINANCE PLC මගින් ලබා දෙන සියලු මූල්‍ය සේවාවන් මුලතිව් ශාඛාවෙන් ද ලබා ගත හැකි අතර ලීසිං, ඉතුරුම්, ස්ථාවර තැන්පතු, ව්‍යාපාර ණය, නිවාස ණය, සහ ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය රන් ණය සේවාව ද මෙම සේවාවන් අතර වෙති.
රන් ණය සඳහා මුලතිව් සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් මෙම අභිනව ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් HNB FINANCE රන් ණය, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක් ලෙස පැවසිය හැකි VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. රන් පවුමක් සඳහා වැඩිම අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ ඉතා කෙටි කලකදී ,බාගැනීමට HNB FINANCE රන්ණය සේවාව මගින් ඉඩකඩ සැලසාදී ඇති අතර අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත විශ්වාසවන්ත, ආරක්ෂාකාරී ගනුදෙනුවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා මෙම නව රන් ණය සේවා ඒකකය කදිම විසදුමක් වනු ඇත.
. “HNB FINANCE සමාගම සියලු ආකාරයේ මූල්‍ය පහසුකම් ලබා දෙන මූල්‍ය ක්ෂේත්‍රයේ පළමු තෝරාගැනීමක් බවට පාරිභෝගිකයින් අතර අපගේ ස්ථානය තහවුරු කිරීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයෙහි මූලික අරමුණයි. මෙමගින් අපගේ අලුත්ම මූල්‍ය පහසුකම් සමග වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට මුලතිව් සහ ඒ අවට පාරිභෝගික ජනතාවට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. අප ආයතනයෙහි මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ඇති බැවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙහි කැපවීම මෙම ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.