011 2024848
Appropriately facilitate principle-centered bandwidth.

HNB Finance, ප්‍රධාන බැංකු පද්ධතියේ නවීකරණය වෙනුවෙන් Kiya.ai සමඟ එක් වෙයි

Continually customize cross-platform information for team driven content. Seamlessly.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන HNB Finance, නවීකරණය කරන ලද ප්‍රධාන බැංකු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් ඩිජිටල් මූල්‍ය විසඳුම්හි ගෝලීය ප්‍රමුඛ ආයතනයක් වන Kiya.ai සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගන්නා ලදී. HNB Finance හි මෙහෙයුම්හි සුවිසල් වෙනසක් ඇති කිරීමට, පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට මෙන්ම සියලු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඩිජිටල්කරණය කිරීමට මේ තුළින් බලාපොරොත්තු වේ.

මෙම හවුල්කාරීත්වයත් සමඟ CASA, Trade Finance සහ භාණ්ඩාගාර මෙහෙයුම් වැනි මූලික බැංකු කටයුතු ඒකාබද්ධ කරමින් පහසු සේවාවක් ලබා දීම උදෙසා  නව ඩිජිටල් ප්‍රධාන බැංකු පද්ධතිය ක්‍රියාවට නංවනු ඇත. SaaS ආකෘතිය මත cloud පදනම් වූ විසඳුම් ලබා දෙන මෙම සේවාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය විසඳුම් සමඟින් විශේෂිත ණය ලබා දීමේ විසඳුම්ද ඇතුළත් වේ. HNB Finance හි වත්මන් ද්විත්ව පද්ධති මෙහෙයුම් සියල්ල එක් කිරීමේ අවස්ථාව සළසා දෙන මෙම  ක්‍රමවේදය දිනෙන් දින ඉහළ යන ව්‍යාපාරික අවශ්‍යතා හා වෙළෙඳපොල ඉල්ලුම සපුරාලීමට ද විශාල පිටුවහලක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB Finance හි   ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී කාංචන ජයසේකර මහතා සඳහන් කර සිටියේ zz මෙම සබඳතාව තුළින් ප්‍රධාන බැංකු පද්ධතිය හරහා ගනුදෙනුකරුවන් හට නිවැරදි හා කාර්යක්ෂම ඩිජිටල් බැංකු සේවාවක් සලසාලීමට අපට හැකියාව උදා වෙනවා. ලියාපදිංචියේ සිට ණය පහසුකම් ලබා දීම දක්වා වූ සියලු මූල්‍ය සේවාවන් වඩාත් නව්‍ය, නම්‍යශීලී හා ගනුදෙනුකරුවාගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කළ හැකි වන ලෙස මෙහි සියළු නවීකරණයන් සිදුකර ඇති අතර එමගින් අපගේ ගනුදෙනුකරුවන්ට හා කාර්ය මණ්ඩලයට මනා පහසුවක්  සැලසෙනු ඇති’ZZ යනුවෙනි’