HNB FINANCE PLC නවතම ශාඛාව මාරවිලට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි නවතම ශාඛාව මාරවිල නගරයෙහි විවෘත කරන ලදි.

අභිනව HNB FINANCE ශාඛාව අංක 63, කොළඹ පාර, මාරවිල යන ලිපිනයෙහි පිහිටා ඇති අතර සමාගම මගින් ලබාදෙන ලීසිං, ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය, රන්ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් මාරවිල ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත. HNB FINANCE මාරවිල ශාඛාව නගර මධ්‍යයෙහි පිහිටා ඇති බැවින් මාරවිල සහ ඒ අවට පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමේ පහසුව ලැබේ.

රන් ණය සඳහා මාරවිල සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE අභිනව මාරවිල ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් HNB FINANCE  රන් ණය, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක් ලෙස පැවසිය හැකි VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE රන්ණය  fiajdj u.ska bvlv ie,fik w;r අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka;, ආරක්ෂාකාරී .kqfokqjla wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd tallh losu úiÿula jkq we;’

HNB FINANCE මාරවිල ශාඛාව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

HNB FINANCE සමාගම සියලු ආකාරයේ මූල්‍ය පහසුකම් ලබා දෙන බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පළමු තෝරාගැනීම බවට පාරිභෝගිකයින් අතර HNB FINANCE නාමය තහවුරු කිරීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයෙහි මූලික අරමුණයි. මෙම අභිනව මාරවිල ශාඛාව මගින් අපගේ අලුත්ම මූල්‍ය පහසුකම් සමග වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට මෙම ප්‍රදේශයේ සහ ඒ අවට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. HNB FINANCE හි මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ගත හැකි බැවින් අභියෝගාත්මක පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වය තුළ වූ කැපවීම අභිනව මාරවිල ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.