ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි හැත්තෑහත්වන ශාඛාව දෙහිවල නගරයෙහි විවෘත කරන ලදි. අභිනව HNB FINANCE දෙහිවල ශාඛාව නොම්මර 176 ගාලු පාර දෙහිවල යන ලිපිනයෙහි පිහිටා ඇත.
HNB FINANCE දෙහිවල ශාඛාව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.
HNB FINANCE සමාගම හඳුන්වා දී ඇති ප්‍රමුඛ සේවාවන් අතර වන රන්ණය, ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම්, ආදී සේවාවන් සියල්ල දෙහිවල ශාඛාව මගින්ද පාරිභෝගික ජනතාව වෙත ලබාදෙයි. විවිධ පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සැලසුම් කර ඇති Gold Plan සහ VIP Gold Loan වැනි රන් ණය පහසුකම් මඟින් ඉක්මන් මූල්‍ය ප්‍රවේශයක් මෙන්ම වාරික වශයෙන් ගෙවිය හැකි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම ද පාරිභෝගිකයන්ට හිමි වේ.
“HNB FINANCE සමාගම සියලු ආකාරයේ මූල්‍ය පහසුකම් ලබා දෙන බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පළමු තෝරාගැනීම බවට පාරිභෝගිකයින් අතර අපගේ ස්ථානය තහවුරු කිරීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයෙහි මූලික අරමුණයි. මෙම අභිනව දෙහිවල ශාඛාව මගින් අපගේ අලුත්ම මූල්‍ය පහසුකම් සමග වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට දෙහිවල සහ ඒ අවට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. HNB FINANCE හි මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ගත හැකි බැවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙහි කැපවීම අභිනව දෙහිවල ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.