ප්‍රවෘත්ති

HNB FINANCE, අනුග්‍රහයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට මාර්ග සංඥා පුවරු

HNB Finance සිය තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරන ලදි. නුගේගොඩ පොලිස් වසමේ මාර්ග සහ ස්ථානයන් කිහිපයක පදිකයින්ගේ සහ රියදුරන්ගේ අවධානය පිණිස මෙම මාර්ග සංඥා පුවරු රැඳවෙනු ඇත.

HNB Finance හිි තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ මෙම මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා HNB Finance හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩබ්ලිව්.එස්.පී අරංගල, සහ නුගේගොඩ මිරිහාන ෙජ්්‍යෂ්ඨ පොලිස් අධිකාරී මාලන් පෙරේරා යන මහත්වරු එක් වූ අතර මෙම අවස්ථාවට HNB Finance හි අළෙවි ප්‍රධානී උදාර ගුණසිංහ ෙජ්්‍යෂ්ඨ අළෙවි කළමනාකරු තිළිණ දිසානායක, මාධ්‍ය කළමනාකරු මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද එක්වූහ.

නිියමු වැඩසටහනක් ලෙසින් සංවිධානය වූ මෙම මාර්ග සංඥා පුවරු ලබා දීමේ වැඩසටහන ඉදිරියේදී යාපනය, කතරගම, නුවරඑළිය, මහනුවර, කුරුණෑගල යන පොලිස් බල ප්‍රදේශයන් වෙත ව්‍යාප්ත කිරීමට ද HNB Finance සුදානමින් සිටී.

වැඩි වෙමින් පවතින අනතුරු සහ රථ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විශාල වෑයමක් දරනවා. ආයතනික සමාජ වගකීම් කෙරෙහි ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන ආයතනයක් ලෙස HNB Finance සමාගම මෙම මාහැ`ගි කටයුත්ත සඳහා අපගේ දායකත්වය ලබා දීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණයි. එමෙන්ම සමාජය සවිබල ගැන්වීම අපගේ තිරසාර ආයතනික දැක්ම තුළ එක් ප්‍රධාන අංශයක් බැවින් සමාජය දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය තුළ නිරතුරුව රැඳි සිටීම ද මේ ව්‍යාපෘතිය මගින් සිදු වෙනවා.ZZ යනුවෙන් HNB Finance හි කළමනාකර අධ්‍යඬ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

පසුගියදා පැවති SLT Zero One සම්මාන උළේලේදී සියලූ කාණ්ඩයන් අතර හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය සහ විශිෂAටතම ඩිජිටල් අලෙවි සේවා වැඩසටහන මෙන්ම මූල්‍ය ක්ෂෙAත්‍රයේ ආකර්ෂණීයම වෙබ් අඩවියට හිමි රන් සම්මානයන්ද දිනා ගැනීමට සමත් විය. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණත්මක වෙබ් අඩවි සඳහා පිරිනමන උ3 සම්මාන උළේලේ රජත සම්මානය දිනා ගැනීමටත් , පසුගිය වසරේ පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට ද HNB FINANCE සමත් විය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සමූහයකින් හෙබි HNB FINANCE සමාගම ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය :ීඵෑ) ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.