ප්‍රවෘත්ති

HNB FINANCE කොළඹ කොටස් වෙළෙඳපොළෙ ලැයිස්තුගත වෙමින් ආයෝජන අවස්ථා පුළුල් කරයි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE කොළඹ කොටස් වෙළෙඳපොළෙ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත වෙමින් ආයෝජකයින්ට සමාගමේ කොටස් මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව නිවේදනය කළෙය. වසර දෙකකට පසුව දිරිසවි පුවරුවේ ලියාපදිංචි වූ පළමු සමාගම වූ අතර පසුගිය දා පැවති මූලික කොටස් නිකුතුව ඔස්සේ කොටස් වෙළෙඳපොළට පිවිසෙන ලදි. පෙබරවාරි මාසයේ සිදුවූ මෙම මූලික මහජන කොටස් නිකුතුව ආරම්භ කළ දිනයේදීම 32% අධිදායකත්වයක් ලැබීම තුළ HNB FINANCE පිළිබඳව අයෝජකයින් තුළ පවතින විශ්වාසය මැනවින් පිළිබිඹු විය.

කොටස් වෙළෙඳපොළෙ හි වත්මන් ලැයිස්තුගත වීම පිළිබඳව අදහස් දක්වන HNB FINANCE සමාගමේ සභාපති ජොනතන් අලස් මහතා zzකොළඹ කොටස් වෙළෙඳපොළ මත HNB FINANCE සාර්ථකව ලැයිස්තුගත වීමට හැකිවීම යනු විශාල මෙන්ම වර්ධනය වන අපගේ නම්‍යශීලි සහ විශ්වාසවන්ත ගනුදෙනුකාරභවතුන් සමඟ ඇති සබඳතාවය සහ අපගේ මූල්‍ය කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා පසුගිය අවුරුදු කිහිපය මුළුල්ලේ දැරූ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය බව මගේ අදහසයි.

ජාත්‍යන්තර හා ජාතික වශයෙන් පශ්චාත් කොවිඩ් තත්වයත් සමඟ පැන නගින අභියෝග සමඟ අප දැන් සටන් කළ යුතු අතර ගනුදෙනුකරුවන්ට අත්‍යාවශ්‍ය මූල්‍ය සේවාවන් සපයමින් ඔවුන් වෙත ළඟා වීමට ඇති අපගේ හැකියාව ගැන අප විශ්වාසයෙන් සිටීම අපගේ ආර්ථීකය පහළ මට්ටමේ සිට ඉහළට නගා සිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත¡ HNB FINANCE කාලෝචිතව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීම හරහා ආයෝජකයින්ගෙන් ලැඛෙන ඉහළ ධනාත්මක ප්‍රතිචාරය, පරිවර්තනය වන තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර ක්‍රමවේදයක් කරා යන ගමනේදී මෙම ජයග්‍රහණ ප්‍රමාණවත් සාක්ෂියක් බව මට විශ්වාසයි. අන් කවරදාටත් වඩා, මෙම සාර්ථකත්වය තවත් ශක්තිමත් කර ගැනීමටත් අපගේ සියලූම පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් අඛණ්ඩව ජනිත කිරීමටත් අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා.

HNB FINANCE සමාගම කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත වීම සමග උපාය මාර්ගික ආයෝජනයන් කිහිපයක් සිදුකරමින් සිය ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රමවේදයන්හි කාර්යක්ශමතාව වර්ධනය කර ගැනීම සඳහා වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාවට නංවා ඇත. මීට අමතරව සමාගමේ මූලික තොරතුරු තාක්ෂණික පද්ධතිය සහ ක්‍රමවේදයන් ව්‍යාපාර ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් සුමට මෙහෙයුම් ක්‍රමවේදයකට අනුව හැඩගස්වා ඇති අතර තොරතුරුවල සුරක්ෂිත බව සහ තාක්ෂණය භාවිතා කිරීම තුළ මෙහෙයුම් වියදම් අවම කර ගැනීමට ද සමාගම කටයුතු කරමින් සිටී.

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත වීම පිළිබඳව අදහස් දක්වන HNB FINANCE හි කළමනාකාර අධ්‍යඬ ප්‍රධාන විිධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිස ගනුදෙනු ඇරඹීමට හැකි වීම අප ලද ජයග්‍රහනයක් ලෙස සැලකිය හැකියි. විශෙෂයෙන්ම කොටස් වෙළෙඳපොළට පිවිසීම සඳහා සිදුකළ මූලික කොටස් නිකුතුව එය ඇරඹි දිනයේදීම අධිදායකත්වයක් ලැබීම තුළ සමාගම කෙරෙහි පවතින ආයෝජක විශ්වාසය අපට පෙනී ගියා. මේ නිසා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමටත් ඒ තුළින් වඩාත් තිරසාර අනාගතයක් කරා සමාගම ගෙනයාමට හැකි බවත් මට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂෙත්‍රයේ පුරෝගාමී ආයතනය වීමත්, විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා කළඹක් පවත්වාගෙන යෑමත් මත වඩාත් ශක්තිමත්ව අපගේ සේවා පවත්වාගෙන යෑමට හැකි වූ අතර වර්තමානයේදී අපගේ මෙහෙයුම් සහ සේවා පූර්ණ ඩිජිටල් ප්‍රතිසංවිධානයකට ලක් කිරීමකට අප දැවැන්ත ආයෝජනයන් සිදු කර ඇති බැවින් එහි ප්‍රතිලාභයන් නුදුරු අනාගතයේදීම අපට ලබා ගත හැකි බව මට විශ්වාසයි. වත්කම්වල ගුණාත්මක බව වර්ධනය කිරීමට හා අවදානම් කළමනාකරණයෙහි විචක්ෂණශීලීත්වය වර්ධනය කරමින් නියාමන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට ද අපගේ අවධානය යොමු ව තිඛෙනවා. එමෙන්ම මානව සම්පතේ ගුණාත්මක වර්ධනයක් ඇති කරමින් සමාගමේ ඉලක්ක ජයගත හැකි ආකාරයට ඔවුන් සන්නද්ධ කරවීම ද අපගේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට අයත් වෙනවා යනුවෙන් පැවසීය.

ශ්‍රි ලංකාවේ ෆිච් ණය වර්ගීකරණයට අනුව A (lka) ස්ථානයට පත්ව ඇති HNB FINANCE සමාගම සිය උපායමාර්ගික කළමනාකරණ වැඩපිළිවෙළ තුළ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරණ ක්ෂෙත්‍රය වෙත නව ප්‍රවේශයන් හඳුන්වාදී ඇත.

HNB FINANCE සමාගම හැටන් නැෂනල් බැංකුවේ (Hatton National Bank) අනුබද්ධිත සමාගමක් වන අතර සමාගම විසින් සිදු කළ මූලික මහජන කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්දය හිමි කොටස් හිමිකාරීත්වයෙන් 51% ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව විසින් අත්කර ගත් අතර 38.86%ක ප්‍රතිශතයක් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදි.

මූල්‍ය සමාගම් පවරා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද නියමයන්ට අනුව ඔවුන්ගේද අනුමැතිය සහිතව 2011 වසරේදී මෙම සමාගමේ සමස්ත කොටස් අයිතිය හිමිකර ගනිමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම මෙහි පූර්ණ හිමිකාරීත්වය ලබාගන්නා ලදි. මෙරට දැවැන්තම නිවාස සහ දේපොළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් ලෑන්ඩ්ස් දෙස් විදෙස් සම්මානයන්ට අඛණ්ඩව පාත්‍ර වන ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයකින් හෙබි සමාගමකි. ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ මැදිහත් වීමත් සමග සමාගමේ සන්නාමය ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රෝ ෆිනෑන්ස් ලෙස යළි ප්‍රතිෂඨාපනය කෙරිණ. සමාගම අත්පත් කර ගන්නා අවස්ථාවේදී දැඩි පසුබෑමකට ලක්ව තිබූ නමුත් වසර 25ක ව්‍යාපාරික විශ්වාසයකින් සහ දැවැන්ත මූල්‍ය ශක්තියකින් හෙබි ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ කළමනාකරණ වෘත්තිකයින්ගේ කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම තත්වය මුළුමනින්ම වෙනසකට පරිවර්තනය කරමින් ශක්තිමත් මූල්‍ය සමාගමකට අවැසි අඩිතාලම ප්‍රයිම් ග්‍රාමීන් සමාගමට ලැබිණ. එමෙන්ම ඉතා කෙටි කාලයක් තුළ යලිත් ප්‍රයිම් ග්‍රාමීන් ලාභ ලබන මූල්‍ය සමාගමක් බවට පත් කිරීමට සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමත් විය.

වසර 125 කට අධික කාලයක් මුළුල්ලේ පාරිභෝගික විශ්වාසය දිනා ගත් හැටන් නැෂනල් බැංකුව මෙරට විශාලතම හා පුරෝගාමී වාණිජ බැංකුව ලෙසින් 2014 වසරේදී මෙහි කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අත්පත් කර ගැනීමෙන් අනතුරුව සමාගම් නාමය ්‍යභඊ ග්‍රාමීන් ෆිනෑන්ස් ලෙස වෙනස් විය. ඉන් අනතුරුව සමාගමේ මූල්‍ය සේවා කළඹ තවත් පුළුල්වූ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැංවීම සඳහා නව මූල්‍ය සේවා හඳුන්වාදීමට පියවර ගන්නා ලදි. 2017 වසරේදී ලක්සම්බර්ග් රාජ්‍යයේ ලියාපදිංචි සහ සිංගප්පුරුවේ සිට කළමනාකරණය වන සංවර්ධනය වන ගෝලීය අරමුදල ග්‍රාමීන් ෆිනෑන්ස් සමාගමේ කොටස් 7.93% ක් අත්පත් කර ගත් අතර මෙම අරමුදල ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රමුඛතම අරමුදල් සම්පාදකයකු වූ බැවින් ඔවුන් විසින් ඉහළ වටිනාකමක් සමාගමට ලබා දෙන ලදි.

2018 වසරේදී සිය මව් සමාගමේ විචක්ෂණශීලී කළමනාකරණ උපායමාර්ග හා විවිධාංගීකරණ වූ මූල්‍ය සේවා කළඹ පිළිබඳ අවධානය යොමු කරමින් HNB Grameen Ltd. HNB FINANCE Limited ලෙස වෙනස් කරන ලදි.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, ස්ථාවර තැන්පතු පහසුකම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.