ප්‍රවෘත්ති

අපේ ගෙදර අවුරුදු ඩිජිටල්කරණ වැඩසටහන සමඟින් HNB FINANCE අලූත් අවුරුද්ද සමරයි

ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE මේ වසරේ සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමය නිමිත්තෙන් විනෝදය සපිරි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත ඩිජිටල් අවුරුදු කී්‍රඩා පෙළක් හඳුන්වා දෙන ලදි. ලාංකිකයින්ට තම නිවෙස්වල සුරක්ෂිතව සිටියදීම තම ආදරණීයයන් සමඟ අවුරුදු සමය සතුටින් ගත කිරීමට අවස්ථාව ලබා දීමත් අපේ අවුරුදු ක්‍රීඩා පිළිබඳ යම් අවබෝධයක් ළමා පරපුරට ලබාදීමත් මෙම ක්‍රීඩා පෙළ හදුන්වා දීමේ HNB FINANCE අරමුණ විය.

HNB FINANCE හි අපේ ගෙදර අවුරුදු ඩිජිටල් ක්‍රීඩා තුළින් සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඉදිරිපත් කරන ලද අතර එහිදී සියලූම ලාංකිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල පහසුවෙන් හිඳිමින් ඒවාට සහභාගී වීී තරග කළ හැකි විය. කොට්ට පොර, කනාමුට්ටිය බිඳීම, ලිස්සන ගහ, අලියට ඇහැ තැබීම මෙන්ම සිංහල අවුරුද්ද පිළිබඳ ජනතාවගේ දැනුම වර්ධනය කරලීමේ අරමුණ ඇතිව අන්තර්ගත කරන ලද අවුරුදු රස පැන ආදී තරග රාශියකින් මෙය සමන්විත විය. ඊට අමතරව ඩිජිටල් අවුරුදු ලිත, HNB FINANCE අලූත් අවුරුදු පණිවිඩය ආදී විශේෂාංගයන්ගෙන්ද අපේ ගෙදර අවුරුදු ඩිජිටල් වෙබ් පිටුව සමන්විත වූ අතර මෙහිදී ඩිජිටල් අවුරුදු ක්‍රීඩා පරිශීලකයින්ට දිනුම් ඇදීමක් සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ද ලබා දෙන ලදි.

මේ පිළිබඳව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී, චමින්ද ප්‍රභාත් මහතා අදහස් දක්වමින් කොවිඩ්-19 වසංගතය මේ වන විට සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථීකමය ප්‍රතිවිපාක රාශියකට හේතු වී ඇති අතර ඉතිහාසයේ ප්‍රථම වරට ලාංකිකයින් වන අපට නිවසට සීමා වී අවුරුදු සැමරීමට සිදු වුණා. මෙම කාලය තුළ සමාජ දුරස්ථභාවය යනු අප සැම පිළිපැදිය යුතු තීරණාත්මක අවශ්‍යතාවයක් බව අප විශ්වාස කරනවා¡ එම සන්දර්භය තුළ, රජය විසින් නියම කර ඇති මාර්ගෝපදේශ පිළිපදිමින් අපගේ ගනුදෙනුකරුවන්ට නිවසේ සිටිමින් සැහැල්ලූවෙන් කාලය ගත කිරීමට උපකාර කීරීමටත් මෙම අවුරුදු සමයේ මෙවැනි වසංගතයකට එරෙහිව රටක් ලෙස ගෙන යන වැඩපිළිවෙළ සඳහා අපගේ දායකත්වයද උපරිම වශයෙන් ලබා දෙන්නට අප සුදානම්. HNB FINANCE හි අපේ ගෙදර අවුරුදු ඩිජිටල් අවුරුදු ක්‍රීඩාවන් කාලීන අවශ්‍යතාවක් හඳුනාගනිමින් අපගේ පාරිභෝගිකයින් වෙත හඳුන්වාදුන් ප්‍රශස්ත වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි යනුවෙන් පැවසුවේය.

HNB Finance හි අපේ ගෙදර අවුරුදු ඩිජිටල් ක්‍රීඩාවන් සමග මැයි මාසය තුළදීත් අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට ක්‍රීඩා කිරීමට අවකාශ සලසා දී තිඛෙන අතර තරගවලින් ජයග්‍රහනය කරන්නන් සඳහා ආකර්ෂණිය ත්‍යාග පිරිනැමීමටද HNB FINANCE සමාගම පියවර පියවර ගෙන ඇත.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය SME ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.