ප්‍රවෘත්ති

HNB FINANCE PLC හි නව අධ්‍යක්ෂවරයකු ලෙස ලලිත් විතාන මහතා පත් කෙරේ

ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීනල විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු දරා ඇති අතර එම කාලය තුළ ඔහු බැංකුල ව්‍යාපාර හා වෙළෙඳ අංශවල උසස් කළමනාකරණ තනතුරු හොබවා ඇත. ඔහු Brandix Group, Ernst and Young, Amsterdam Rotterdam (Amro) Bank, IBM World Trade, Corporation and Carson Cumberbatch, Ceylon Tea Services Limited සහ Yamaha Corporation in (USA)වැනි බොහෝ ආයතන සමඟ වැඩ කර ඇති අතර අත්දැකීම් සමුදායකට හිමිකම් කියයි.

ලලිත් විතාන මහතා මෑතක් වන තුරුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරීවරයා ලෙසත් පසුව ඊට අනුබද්ධිත ශ්‍රී ලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කළේයග ඔහු මේ වන විට Agility Consulting Services (Pvt.) Ltd නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ද Laugfs Gas PLC, Laugfs Maritime Services (Pvt.) Ltd සහ Softlogic Life Insurance PLC හි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කරමින් සිය වගකීම් ඉටු කරමින් සිටීග ඔහු වර්තමානයේදී Acuity Partners (Pvt.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර Project Management Institute, Colombo Chapter උපසභාපතිවරයා වශයෙන් ද සිය සේවාව ලබා දෙයි. එමෙන්ම ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභා සමාජිකත්වයද දරයි.

ඔහු මින් පෙර ලංකා බැංකුව, දංකොටුව පෝසිලේන් PLC” Merchant Bank of Sri Lanka PLC” Ceylease Limited සහ සෙලාන් බැංකුව ආදී ආයතනයන්හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. විතාන මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) කොමසාරිස්වරයෙකු ලෙස ද සේවය කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන (MBA) උපාධියක් ලබා ඇති ලලිත් විතාන මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) ගෞරව උපාධිධාරියෙකිග ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (FCMA) සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (FCA) සාමාජිකයෙකිග ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ (PMI) ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු ලෙසද කටයුතු කරයි.