ප්‍රවෘත්ති

HNB FINANCE “Christmas Giveaway” ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි

කෝවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමාවන් මැද නිවෙස් තුළම නත්තල සැමරූ ශ‍්‍රී ලාංකිකයින් වෙත අපූර්ව අත්දැකීමක් එක් කරමින් HNB FINANCE PLC විසින් පසුගිය වසරේ දියත් කළ ,”Christmas Giveaway Alert” ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට හිමි ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙම වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට හිමි ත්‍යාග ඔවුන්ට ළගම පිහිටි ශාඛාවන් මගින් ලබා දෙන ලදි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දියත් කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූහ.

ඩිජිටල් වේදිකාවන් ඔස්සේ මුල්‍ය සේවා ප‍්‍රවර්ධනයෙහි පෙරමුණ ගෙන සිටින සමාගම පසුගිය නත්තල වෙනුවෙන් සිය වෙබ් අඩවිය හා මුහුණු පොත ඔස්සේ දියත් කළ මෙම “Christmas Giveaway” ප‍්‍රවර්ධන වැඩසටහන මගින් ඉදිරිපත් කළ විවිධත්වයෙන් පිරිපුන් තරග සඳහා සහභාගී වී ජයග‍්‍රහන ලැබූවන් මෙහිදී ඇගයීමට ලක් විය.

HNB FINANCE පිළිබඳව

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A (lka)’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.